
(ඡායාරූප - ක.ග.කරුණාරත්න)




(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)
(ක.ග.කරුණාරත්න)
බකමූණ, කුමාරඇල්ල ප‍්‍රදේශයේදී වනජීවී නිලධාරීන් විසින් අල්ලාගනු ලැබූ වන අලියා අද(13) උදෑසන වනවිට මියගොස් සිටිබව වනජීවී නිලධාරීහු කියති.
අලියා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නිර්වින්දන ඖෂධවල බලපෑමක්ද වීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව පොළොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. ඩී. එම්. ජේ. වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
බකමූණෙ, සිරිකඳුයාය, කුමාරඇල්ල සහ ඒ අවට ගම්මානවල ජනතාවගේ ජන ජීවිතවලට තර්ජනයක් වන ලෙසට මෙම අලියා ගම්වල සැරිසරන බව ප‍්‍රදේශයේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි හේතුවෙන් අලියා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට රැගෙනයාමට වනජීවී නිලධාරීන් තීරණය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී නිලධාරීන්ගේ වරදින් මේ සතා මැරුනා නම් එම නිලධාරීන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. මීට කලිනුත් මේවගේ සතුන් කීප දෙනෙකුගේ ජීවිත නැති වුනා. මේ අලියා දිහා බැලුවම පේනවා හොඳට ඉඳපු සතෙක් කියලා.
සමහරවිට මරණයට හේතුව පශු වෛද්‍යවරුන් දුන් නිර්වින්දන බෙහෙත් සැර වැඩි නිසා වෙන්න ඇති.
අනේ අහිංසක අලියා. ඊයේ ඇල්ලුවා. අද මැරිලාලු. කැලේ ඉන්න දෙන්නේ නැතුව අල්ලන්ගෙන බැඳලා දැන් කියනවා මැරිලාලු. එහෙම මැරෙන්නේ කොහොමද? මේ අලියව මරලා. මෙහෙම තමයි අලුත් ආණ්ඩුව මිනිස්-අලි ගැටුම් මර්දනය කරන්න හදන්නේ. මේ ටික මීට කලිනුත් වෙන තැන්වල ලියලා තියෙනවා අවුරුදු ගාණක්. වල් අලියා කියන සතා ගමට එන්නේ පුරුද්දට. අලියා කියන්නේ දවස පුරාම ඇවිදින සතෙක්. කිලෝ මීටර් 300ක් වුණත් යයි දවසකට. අවුරුදු 10ක් 20ක් ගියත් අලියට මතකයි වතුර තිබ්බ තැන කෑම තිබ්බ තැන. ඉතින් අලියා ආපහු ඒ පැත්තට එනකොට කලින් මතක වතුර තිබ්බ තැන, කෑම තිබ්බ තැන හොයාගෙන එනවා. ඒ එනකොට ඒ තැන නැහැ. මිනිස්සු ගෙවල් හදලා. හේන් හදලා. වැටවල් ගහලා. ඉතින් අලියට කේන්ති යනවා. අලියෙක්ට වතුර ලීටර් 150ක් 200ක් ඕනේ දවසකට. රාත්තල් 500ක් විතර කෑමත් ඕනේ දවසකට... මිනිස්සු අලින් හිටපු තැන අල්ලාගෙන කෑගහනවා. ඉස්සෙල්ලා අලි මංකඩවල් ඇරලා දාන්න ඕනේ...
අනේ මෙහෙමත් අපරාදයක් අහිංසක සත්තු ඉන්න කැලේ එළිකරලා ගෙවල් හදාගෙන දැන් කියනවා අලි ඇවිත් කරදර කරනවලු. මෙහෙම ගියෝතින් නම් තව අවුරුදු 10ක් 15ක් විතර යනකොට ලංකාවේ අලියෙක් දකින්න වෙන්නේ පරණ පින්තුරෙකින් විතරයි. බලධාරින් මිනිස්සුන්ගේ ප්‍රශ්න විතරයි විසඳන්නේ... ඇයි ඉතින් ඡන්ද අයිතිය තියෙන්නේ මිනිස්සුන්ට විතරයිනේ. සත්තුන්ටත් ඡන්දය දාන්න පුළුවන් වුණා නම් බලධාරීන් සත්තුන්ට තියන ප්‍රශ්නත් විසඳාවි...
වනජීවිනට තිබෙන ලොකුම තර්ජනය වන ජීවි දෙපර්තමේන්තුව