(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

අනුරාධපුර, ගනේවල්පොල ගලෙන්බිදුනුවැව B133 මාර්ගගයට දින හතරකට පෙර කඩා වැටුණු විශාල ගසක් තවමත් ඉවත් නොකිරීම නිසා එහි ගමන් ගමනයට බාධා එල්ල වි තිබේ.

මාර්ගයේ එක් මංතීරුවක් වැසෙන ආකාරයට එම ගස වැටී ඇත. 

ගසේහි මුලට යම් පිරිසක් හො පුද්ගලයකු විසින් තැබු ගින්නක් හේතුවෙන් ⁣ගස මාර්ගයට වැටි ඇති අතර මාර්ගය ආසන්නයෙන් ගමන් කරන දුරකතන රැහැන් පද්ධතිය ද බිමට බරවී තිබේ.

මාර්ගයට වැටි ඇති ගස වටා රතු ඉටි කවර යොදා ඇති අතර ගස වැටි දින තුනක් ගතවී තිබුණ ද මේ දක්වා ගස ඉවත් කිරිමට කිසිවකු ක්‍රියාකර නැත.