
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පන්නිපිටිය මොරකැටිය හංදිය පිහිටි ගෑස් අලෙවි මධ්‍යස්ථානයෙන් ගෑස් ලබාගැනීමට පැමිණි ජනතාවට ප්‍රමාණවත් ලෙස ගෑස් නිකුත් නොකිරීම නිසා කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගය මොරකැටිය හන්දියෙන් හරස් අද සවස විරෝධතාවක් පැවැත්විණි.
මේ හේතුවෙන් පැය භාගයක පමණ කාලයක් කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.
පන්නිපිටිය මොරකැටිය හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හල් හලෙහි ගෑස් අලෙවි නියෝජිත ස්ථානයට පැමිණි ජනතාව පැය ගණනක් පෝලිමේ රැඳී සිටිය ද තමන්ට ගෑස් ලබා නොදුන්නේ යයි පවසා ඊට උරණ වී ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා මෙම විරෝධතාවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd