( රංජිත් රාජපක්ෂ )                       

ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක ගැස් උදුනක් පිපිරි යාමෙන් එම ආපන ශාලාවේ සේවය කරමින් සිටි තරුණයකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහලට අද ඇතුළත් කළ බව නල්ලත්නිය පොලිසිය පවසයි.

ආහාර පිසිමින් සිටියදි අද (23) දින දහවල් 1 ට පමණ  එකවරම ගැස් උදුන පිපිරි ගිනි දැල් ඉහලට දැල්වුනු බවත්, පසුව එම වෙලදසලේ සෙසු සේවකයන්  තුවාලකරු ඇහැලකණුව ප්‍රදේශයේ සිට නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.

තුවාලකරු රත්නපුර කුරුවිට බටතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ශ්‍රි පාද උඩ මළුව පොලිස් නිලධාරින් සඳහන් කළේය.