(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යම් ගිවිසුමක් ගැන ඇසූ විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දීමට ඇමතිවරුන් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප)රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය .
ඇමතිවරුන් පාර්ලිමේන්තුවට තොරතුරු දීම වළකින ගිවිසුම් ගැන මා කතා කරන්න කැමතියි.
ව්‍යවස්ථාවේ 43 වගන්තිය යටතේ ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට සාමූහිකව වගකිව යුතුයි. එය ක්‍රියාත්මක කරන්නේ 4 වන වගන්තිය තුන්වන උප වගන්තිය යටතේයි.පාර්ලිමේන්තු කටයුතු ගැන අධිකරණ බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.පාර්ලිමේන්තුවේ බලතල සියල්ල පාර්ලිමේන්තුව තීරණය කළ යුතු බවද සඳහන්ව තිබෙනවා.මේ අනුව පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනතින් ලබාදී ඇති වරප්‍රසාද වලට අමතරව එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිවාසිකම් ද අපට තිබෙනවා.ඒ සියළු වරප්‍රසාද සහ අයිතීන් රටේ සාමාන්‍ය නීතියේ කොටසක් බව ද සඳහන් වෙනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා කීය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ අයවැය දෙවන වර කියවීමේ පළමුදින විවාදයට එක් වෙමිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්ප්‍රදායුනුකූලව මන්ත්‍රීවරු උත්තර සැපයූවත් මන්ත්‍රීවරු තොරතුරු සැපයිය යුතුයි කියා සිරිතක් නැහැ නේද? දන්නේ නැති හින්දයි මේ අහන්නේ...
ඔය නීතිය 2019ට කලින් තිබුණේ නැහැ නේද?
ගෝඨාභය ජනාධිපතිවරයා පසුගිය දිනක ප්‍රකාශ කරන ලද්දේ වර්තමාන දේශපාලනය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ විපක්ෂය යළිත් රටේ බලය ලබාදීම විසඳුමක් නොවන බව සහ විකල්පයක් වශයෙන් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම ජනතාවගේ වගකීම බවත්ය. රටට වෙනසක් බලාපොරොත්තුව පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක් ඔහුට ඡන්දය ලබාදී ජනධිපති කළ ජනතා රැල්ල මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත් කරගත්තේද රටට වෙනසක් නොකළ හැකි කණ්ඩායමකි. ජනතාව බලාපොරොත්තු තබා සිටියේ ගෝඨාභය ජනාධිපති වූ විට වෙනසක් ඇති වනු ඇති බවයි. නමුත් එය සිදුකර ගැනීමට ඔහුට පිරිසිදු කණඩායමක් පාර්ලිමේන්තුවට පත්වුයේ නැත. එමනිසා ජනාධිපතිවරයාත් මේ වනවිට යම් ආකාරයක කලකිරීමකට පත්ව තිබේ. දූෂිත ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පත්වීම නිසා ඔවුන් පත්කරගන්නෙත් දූෂිත නිලධාරීන්ය. එවිට රටට කිසිඳු වෙනසක් ලබාදිය නොහැක...
එවිට රටට කිසිඳු වෙනසක් ලබාදිය නොහැකිය. එමනිසා ඉදිරි මැතිවරණවලදී කවුරුන් හෝ පත්වන ජනාධිපතිවරයාට රටට වෙනසක් වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා අලුත් කණඩායමක් ලබාදිය යුතුවේ... මේ වනවිට ජනතාවගේද බලාපොරොත්තුව රට බාරදිය යුතුවන්නේ අලුත් කණ්ඩායමකට බවයි. එම කණඩායම මානුෂික, අවංක විශ්වාසනීය වරප්‍රසාද පසුපස නොයන අරමුණක් සහිත කණ්ඩායමක් වීම වැදගත් වේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින අත්දැකීම් බහුල නායකයකු වන නිසා යුගයේ කැපිපෙනෙන වෙනසක් කිරීමට ඔබතුමාගේ නායකත්වය අතිශයින්ම වැදගත්වන අදිවිතීය මොහොතකට ශ්‍රී ලංකාවම පැමිණ තිබේ.