(අංජුල මහික වීරරත්න)

රට පුරා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ  ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලවී ඇති හෙයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය  භාවිතා කරන ලෙස උපදෙස් දෙන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම දැනුම් දෙයි.

 ගුවන් තොටුපොළ පරිශ්‍රයේ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට නොඑන ලෙස ද ගුවන් තොටුපොළ සමාගම දැනුම් දෙයි.

අභියෝගාත්මක තත්වයන් මධ්‍යයේ වුවද ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට  සෑම උත්සාහයක්ම දරන බවද ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරයි.