
(සුජිත් හේවාජුලිගේ )
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්වල විශාල ප්‍රමාදයක් පවතින බව ගුවන් සේවා සමාගම වල නියෝජිතයෝ අමාත්‍යවරයාට පසුගියදා පෙන්වා දුන්හ.
මේ හේතුවෙන් ගුවන් තොටුපොළේ විශාල ප්‍රමාදයක් ඇති වන බවද ඔවුහු ප්‍රකාශ කළහ.
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාල ආයතන බලධාරීන් සමඟ පසුගියදා දීර්ඝව සාකච්ඡා කළේය.
අමාත්‍යවරයා ඉහත තීරණය ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස්සා රස්සා....
එතන පගා ගහගහ මිනිසුන් සහ ශිෂ්‍යයන් අසරණ කරන නිලධාරීන්ව ගෙදර යවන්න...!
ඉතාම අක්‍රමවත් ස්තානයක් දූශනත් වැඩි කාර්යක්ශම අය අද එතන නැත තමන්ගෙ නඩත්තු ගොඩ නැගිලි පලනය කල නොහැකිව එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කරන්නෙ කොහොමද ???
මෙය කිසිසේත්ම හරියන්නේ නැහැ. AASL එකට දුන්නයි කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. පලපුරුද්දක් ඇති silankan එකට වඩා AASL කොහොමද ඕක කරන්නේ...? ඇමැතිතුමා පුළුවන්නම් ground handing operation වලට තවත් සේවකයින් ගන්න අනුමැතිය දෙන්න. ස්තුතියි...!