(අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැලැක්වීම සඳහා වහා පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක අද (28) බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් දුන්නේය.
එසේම දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් මෙම ආයතනයන්හි සිදුවන ජාවාරම් වලක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටේ ජනතාව තුළ රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය,මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය) ජූඩ් නිලුක්ෂාන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
pj Sunday, 29 December 2024 06:35 AM
කරත්තේ එන්න ඕනේ ගොනාට පසුවයි. ණය ගොනාගේ ප්‍රශ්නය විසඳන්න ප්‍රමුඛත්වය නොදුන්නොත් යන්න වෙන්නේ හොම්බෙන්...