
(අංජුල මහික වීරරත්න)
ජනතාවට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කළ යුතු යැයිද එසේ නොමැති වුවහොත් පොහොර බෙදා හැරිම රාජ්‍ය පොහොර සමාගම් හරහා සිදුකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෞද්ගලික පොහොර සමාගම් නිලධරයන් අමතමින් අද (14) පැවසීය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් පෑලියගොඩ සහ කැළණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහාර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසි නිරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබාගෙන සිටින ආකාරය තමන් නිරීක්ෂණය කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
දෛනිකව නිකුත් කළ හැකි පෙහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු ප්‍රමාණයක් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධව ද අමාත්‍යවරු මෙහිදී ප්‍රශ්න කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී වලට විතරක් නෙමෙයි පෝර ඕන... පොල්, රබර්, තේ, එළවළු හැම දේකටම. කාබනික පොහොර කියලා පෙන්වන කොළ සහ කුණුවලින් ලැබෙන දේවල් මදි. නිවැරදි ලෙස තේරුම් ගෙන හරි කාබනික පොහොර නිෂ්පාදනය වෙනතෙක් රසායනික පොහොර ලබා දෙන්න. කෑම බීම විතරක් නෙවෙයි වගාවක් කියන්නේ.
රටේ අහර හිඟයකි අත ළඟ එන්නේ - කටේ බලය මිස නැත මුන් වැඩ දන්නේ - අටේ පන්තියට ගිය තඩි මැතින්දුන්නේ - ගැටේ ගලවලා පොහොරේ බෙදපන්නේ...