
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ආසන්නතම ඉන්ධන පිරවුම් හලින් ලබාදීම සඳහා තීරණය කර තිබෙන බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය කියයි.
ඒ අනුව අස්වනු නෙලීමට හා බිම් සකස් කිරීමට ඉන්ධන අවශ්‍ය ගොවීන් තම තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව අදාල දත්ත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා දීමෙන් පසු ඔවුනට අවශ්‍ය ඉන්ධන නිකුත් කෙරෙන බව අමාත්‍යංශය පවසයි.
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල තවමත් 2025/26 මහ කන්නයේ අස්වනු නෙලීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර, තවත් ප්‍රදේශ වල 2026 යල කන්නයේ වී වගා කිරීම සඳහා බිම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
රජය විසින් මාර්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දී තිබුණ ද වී අස්වනු නෙලීමේ යන්ත්‍ර සඳහා මෙන්ම යල කන්නයේ වී වගාවට බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ද අවශ්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාව වෙත ලබාදීම සඳහා මෙම වැඩපිළිවෙල සකස් කර ඇතැයි අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd