IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි

 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී.
 
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීම අනුව, අංක 6 දරන හෙලිකොප්ටරය බලගණය එහි කටයුතු සඳහා දායක වූයේය.
 
නවීකරණයට ලක් වූ මෙම හෙලිකොප්ටරයෙහි රෝගීන් 12දෙනෙකු එකවර රැගෙන යා හැකි අතර ගිලන් සයන 12ක් ද තැබීමට පහසුකම සලසා ඇත.
 
මෙම ගුවන් ගිලන් රථය සමඟ ගුවන් හමුදා කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය ඒකකය හදිසි අවස්ථාකවදී ක්‍රියාකිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සූදානම් ව සිටිති.

(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)



අදහස් (7)

ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා ගුවන් ගිලන් රථ බවට පෙරළයි

Raveendra Tuesday, 24 March 2020 04:15 AM

මෙම අවදානම් අවස්ථාවේ රටවැසියන්ගේ ආරක්ෂාවට ඉදිරිය ගැන සිතා ඔබලා ගත් තීරණ අප අගය කරන්නෙමු.

:       0       164

Lion Tuesday, 24 March 2020 08:11 AM

රටවැසියට කෙසේවෙතත් දේශපාලුවාට ඔය සේවය ලැබෙයි.

:       461       504

සෑම් Tuesday, 24 March 2020 09:47 AM

මිග් යානා වලින් සහ එයාර් බස් ගනු දෙනුවලින් රජ පවුල ගසා කාපු සල්ලිවලින් දිස්ත්‍රික්කයකට ඔරිජිනල් ඇම්බ්යුලන්ස් හෙලිකොප්ටර් අඩුම තරමේ දෙක ගානේ දෙන්න තිබුණා. දැන් තමයි ජනතාවට හොඳ අවස්ථාව රජ පවුලේ ගසා කෑමේ තරම තේරුම් ගන්න.

:       966       450

තරිඳු Tuesday, 24 March 2020 12:19 PM

මේ වගේ අවස්ථාවක දේශපාලන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් කඩේ යන ඔබ වගේ මිනිසුන් සිටිම ගැන පුදුම නොවෙමි. මන්ද අර මල් වගේ දරුපැටවුන් ටිකක් හංගාගෙන නිරෝධායන වැඩසටහන මගහැරීමට කටයුතු කළ වැඩිහිටියන් සිටින රටක..

:       21       727

JayWednesday, 25 March 2020 12:52 AM

හැම ‌දේටම දේශපාලනේ ගාවාගන්නේ නැතුව මේ වෙලාවේ කරගෙන යන වැඩ වලට සහයෝගය දෙන එකයි හැමෝගේම වගකීම. වයිරස් එකට දේශපාලනය සහ තමුන්ගේ පක්ෂය කුමක්ද කියන එක අදාළ නැති බව හොඳින් තේරුම් ගන්න. මොකක් කළත් පක්ෂයකට බනින එක තමා සමහරක්ගේ වැඩේ.

:       0       107

Loku AppuWednesday, 25 March 2020 09:16 AM

දරුවනි, ඇත්ත පැවසීමට කාලයක් අවශ්‍යය නැත.

:       0       30

vipula Wednesday, 25 March 2020 01:56 AM

පෙර සුදානම අගය කොට සලකමි.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site