(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාවේ 71 වැනි සංවත්තර සැමරුම ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානාත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අද (02) අභිමානවත් අයුරින් පැවැත්විණි.
71 වන සංවත්සරය නිමිත්තෙන් ඉකුත් (01) දින කැලණි රජමහා විහාරස්ථානයේ දී පිච්චිමල් පූජාවක් පැවැත් වු අතර, 71 වැනි සංවත්සරයට සමගාමීව අද (02) සියලුම ගුවන් හමුදා කඳවුරු සංවත්සර සැමැරුම් හා රුක් රෝපණ වැඩසටහන් ,ප්‍රජා සත්කාර ව්‍යාප්‍රෘති රැසක් ක්‍රියාත්මක කළ බව ගුවන් හමුදාව පවසයි.
ප්‍රධාන සැමරුම් උත්සවයෙන් අනතුරුව කටුනායක ගුවන් හමුදා කඳවුරුතුළ ගුවන් හමුදාපතිවරයා අතින් රුක් රෝපණයක් ද සිදු කළේය.
සංවත්සරය වෙනුවෙන් ඉදිරියේ ගුවන් හමුදා සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් , ප්‍රධාන වශයෙන් මාර්තු මස (05) වැනි දින කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය වන පරිදි ශ්‍රමදාන ව්‍යාපාර පවත්වන අතර, 19-20 යන දෙදින තුළ ශ්‍රිපාද විහාරස්ථානයේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් පරිසරයට මුදා හැර ඇති කසල ඉවත් කොට ශ්‍රිපාදස්ථාන පිවිසුම් මාර්ග හා අවට පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද ගුවන් හමුදාව පවසයි.
මර්තු මස 10 දින ගුවන් හමුදා ධජ හා සියලු ගුවන් හමුදා කදවුරු ධජ ආශිර්වාද ගැන්වීම අනුරාධපුර ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කිරීමට නියමිතව ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගුවන් හමුදාව 71 වැනි සංවත්සරය සමරයි