(ඉන්දිකා රාමනායක)

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබු නත්තල් කැරෝල් ප්‍රසංගය ගුවන් හමුදා රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී ඊයේ (21) පැවැත්විණි.

ගුවන් හමුදාපති   එයාර්  මාෂල් සුදර්ශන පතිරණ ,ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමීනි පතිරණ යන මහත්ම මහත්මීන්ගේ   ආරාධනාවකය අනුව යෝමා රාජප්කෂ මහත්මිය  උත්සවයේ ප්‍රදාන ආරාධිත අමුත්තා  වශයෙන් සහභාගි වු බව  ගුවන් හමුදාව පවසයි.

අසිරිමත් නත්තල් උදාව  සමරහින් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්  අලංකාර කැරොල් ගීතිකා  ඉදිරිපත්   කළ බව ගුවන් හමුදාව පවසයි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක හා එම මහත්මිය, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකමි විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න හා එම මහත්මිය,  යුධ හමුදාපති හා වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවෙින්දා සිල්වා හා එම මහත්මිය, නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න හා එම මහත්මිය ඇතුලු  ආරාධිතයන් ඇතුලු ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිළයන් එම පවුල්වල සමාජිකයන් ද සහභාගි වුහ.