
(සුජිත් හේවාජුලිගේ )
ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේය.
ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව වශයෙන් දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක මුදලක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක්ද මෙසේ ගෙවීම් කර ඇත.
එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා නිර්දේශ අනුමත කළ නිලධාරීන්ගේ තොරතුරු 2015 කාලයේ බලපෙරලියට ප්‍රථම අතුරුදන්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉහත ඉන්ධන සහ ප්‍රවාහන දීමනා හිමිවන්නේ දීප ව්‍යාප්ත සේවාවන්හි පළමු පන්තියේ මාණ්ඩලික නිලධාරීන් හා ඒ හා සමාන සමාන්තර වෘත්තීන් වෙත හෝ ජනාධිපති ලේකම් විටින් විට නිකුත් කරන රාජ්‍ය වියදම් චක්‍රලේඛ අනුව ආවරණය වන ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකට පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලයක් මෙවැනි චක්‍රලේඛයකින් ආවරණය නොවන බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ලා හොරකම් කරලා තියෙන විදියට ලක්ෂ විසි හතරක් කියන්නේ සුළු ගානක් නේ, අනික ඔය මුදල හොයා ගන්න ඒ දැරිය කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද, නාමල් වගේ මී හරකෙක් එක්ක ඔය වගේ විශේෂ ව්‍යාපෘතියක් කරනවා කියන එකත් සෙල්ලම් වැඩක්ද ? ඒ නිසා ඔන්න ඕක අතහැරලා දාන්න අප්පා........
අපිට දැන් වසර 10 පමණ තිස්සේ මේ ගුවන් සේවයේ කතා අහල එපා වෙලා , හොරකම් එමටය චුදිතයොත් ඉන්නවා , නඩුත් දමල තිබෙනවා , නමුත් එකම කෙනෙකුටවත් දන්නා තරමින් කිසිම සැලකියයුතු දඩුවමක් ලැබිල , නැහැ දඩුවම් නැති නිසා දිගින් දිගටම සොරකම් සිදුවෙනවා , මේක කරුණාකර වහල දමන්න , අපේ බදු සල්ලි මේ විදිහට නාස්ති කරන්න එපා ,මේවා ජාතික සම්පත් නොවේ , ජාතියේ ඔලුවට වැටුන කටු ඔටුනු
පුදුම වෙන්න දෙයක් නෑ අර වතු සුපිරින්ටැන්ඩන්ට ඔය වැඩ හොඳට පුරුදුයි.
මේ වගේ කී දෙනෙක්ට ගෙවලා ඇතිද? කාලකන්නි රට කෑවා
ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් කොටහක් වෙන්න ඇති
අපේ බේබිව ඈඳලා මොකවත් කියනවා හෙම නෙමෙයි. එයා ඔය කියන කාල වකවානුවේදී තුං කුළුඳුල්.
මේ වගෙ නිවුස් පුරුදු වෙන්න අප බලනවා නෙමෙයිනෙ. තව අවුරුදු 5 කට පස්සෙ මේකට අලුත් නිවුස් ටිකක් එකතු වෙයි.