IMG-LOGO

ගුවන් සෙබලා ගිනි අවිය විකුණන්න හදලා

(ඉන්දිකා රාමනායක,ශ්‍රීනාත් ප්‍රසන්න සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)

සීගිරිය  ගුවන් හමුදා කඳවුරෙන් සොරාගන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ මැගසින් දෙකක් රුපියල් ලක්ෂ 4 1/ 2 ක මුදලකට  අලෙවි කිරීමට තැත්කළ ගුවන් හමුදා භටයකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සංවිධානාත්මක අපරාධ හා  මනුෂ්‍ය  ඝාතනය  විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (1) දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ගනු ලැබීය.

මෙම  ගිනි අවිය සැකකරුගේ ප්‍රකාශ අනුව  දඹුල්ල රිදියගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත..

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු  සීගිරි ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි  නායක ගුවන් භටයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඉකුත් වසරේ නොවැම්බර් මස 03 දින  එහි මුරපොළක රාජකාරියේ නිරත ගුවන් භටයකු  සතුව තිබු  මෙම ගිවි අවිය හා මැගසින් දෙක සැකකරු විසින් සොරාගෙන ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  සීගිරි පොලිසියට ලද පැමිණල්ලක්  පොලිස්පතිවරයා විසින් එහි  විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්යහ ඝාතන කොට්ඨාසය වෙත භාරදී ඇත.



අදහස් (3)

ගුවන් සෙබලා ගිනි අවිය විකුණන්න හදලා

Rocky Thursday, 02 March 2023 11:50 AM

ඔන්න තවත් රණ විරුවෙක්

:       3       7

Hafeel Thursday, 02 March 2023 12:21 PM

මින්නේරිය හමුදා කඳවුරෙනුත් T56 ගිනි අවි 133ක් සැලසුම් සහගතව පන්නල තියන්නේ. එහම නම්, ඇයි මේ පොලිස්පතිවරයාට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ මේ ගැන විමර්ශන කරන්න බැරි? මෙම ගිනි අවි ටික ප්‍රවාහන කලේ රටේ නීතිය හා සාමය ඇමතිට අයත් වාහනයේ නිසාද? රටේ නීති රීති සේරම ක්‍රයාත්මක කරන්නේ පොඩි අයට විතරයි.

:       3       5

Bunny Preena Thursday, 02 March 2023 02:38 PM

අම්මපා මූව තියන්න වටින්නේ නැහැ .හරියට අම්මව විකුනන්න හැදුවා වගේ වැඩක්නේ

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 328 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 498 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site