
(ඉන්දිකා රාමනායක,ශ්‍රීනාත් ප්‍රසන්න සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් සොරාගන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ මැගසින් දෙකක් රුපියල් ලක්ෂ 4 1/ 2 ක මුදලකට අලෙවි කිරීමට තැත්කළ ගුවන් හමුදා භටයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතනය විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (1) දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ගනු ලැබීය.
මෙම ගිනි අවිය සැකකරුගේ ප්‍රකාශ අනුව දඹුල්ල රිදියගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන ඇත..
දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු සීගිරි ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි නායක ගුවන් භටයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉකුත් වසරේ නොවැම්බර් මස 03 දින එහි මුරපොළක රාජකාරියේ නිරත ගුවන් භටයකු සතුව තිබු මෙම ගිවි අවිය හා මැගසින් දෙක සැකකරු විසින් සොරාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සීගිරි පොලිසියට ලද පැමිණල්ලක් පොලිස්පතිවරයා විසින් එහි විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්යහ ඝාතන කොට්ඨාසය වෙත භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් රණ විරුවෙක්
මින්නේරිය හමුදා කඳවුරෙනුත් T56 ගිනි අවි 133ක් සැලසුම් සහගතව පන්නල තියන්නේ. එහම නම්, ඇයි මේ පොලිස්පතිවරයාට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ මේ ගැන විමර්ශන කරන්න බැරි? මෙම ගිනි අවි ටික ප්‍රවාහන කලේ රටේ නීතිය හා සාමය ඇමතිට අයත් වාහනයේ නිසාද? රටේ නීති රීති සේරම ක්‍රයාත්මක කරන්නේ පොඩි අයට විතරයි.
අම්මපා මූව තියන්න වටින්නේ නැහැ .හරියට අම්මව විකුනන්න හැදුවා වගේ වැඩක්නේ