
(කටුනායක ටී.කේ.ජී කපිල)
ශ්‍රී ලන්කන් සහ මෙරට පෞද්ගලික ගුවන් සමාගමක් වන ෆිට්ස් එයාර් ගුවන් සේවයට විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි.
ඒ මහතා එසේ පැවැසුවේ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති ගුවන් සේවා ක්ෂෙත්‍රය පිළිබඳව පාසල් දරුදැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ජයකාන්ත මහතා මෙසේ ද පැවැසීය.
ශ්‍රී ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්සහ ගුවන් නියමුවන් මේ වන විට වැල නොකැඩී විදේශ ගත වෙනවා. එයට හේතුව විදේශ ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවීමයි. එම වැටුප අපේ වැටුප වගේ පස් හය ගුණයකටත් වැඩියි. ඒ නිසා එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා.
සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය, සියලු කටයුතු පොදුවේ එකම ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ නියමුවන්ට තවත් රටක වැඩ කිරීම අපහසු නෑ.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන තනතුරු අටක් හිස් ඒ සඳහා පුවත්පත් ඔස්සේ දැනුවත් කළත් එම තනතුරු සඳහා අව්‍ය සුදුසුකම් සහිත කිසිදු අයකු මෙතෙක් හමු වී නෑ. එම නිසා මෙම වසර තුළදී එම තනතුරු පුරවන්න අවස්ථාව නෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් පච කෙලින්න ඒපා. පහු ගිය දවස් වල උනේ ලෝකේ අනෙකුත් ගුවන් සේවා වල 5 ස් ගුණයකින් පඩි වැඩි කරපු ඒකද. නැත්නම් අපේ ඒවුන්ගේ පඩියට යෝධ බද්දක් ගහපු ඒකද. නියම මැනේජ්මන්ට්. දැන් නම් ශ්‍රී ලංකන් ලාබ ලබයි.
අපි ඔවුන්ට යන්න දෙනවා. අලුත් අය ගන්න පුළුවන්...
මේ පච කෙළින අය ඔක්කොම පෙළට තියලා වෙඩි තියන්න ඕනෑ...
ඕක වහන්නකෝ...? අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරං කාලා හොරා කන හැත්ත නිසා කවදාවත් ලාබ ගන්නත් බැරි චී ලන්කන්...!
ලාභ ලබන රක්ෂන සංස්ථාව... රාජ්‍ය බැංකු, ටෙලිකොම් විකුණන්න කතා කරනවා. නමුත් පාඩු ලබන ශ්‍රී ලන්කන් වහලා දමන්න හෝ විකුණා දමන්න හෝ කළමනාකරණය යම්කිසි කාලයකට වෙන සමාගමකට පවරන්න හෝ රජයට කිසිම උනන්දුවක් නැහැ...
අපේ නියමුවන්ට දෙන සොච්චම් වැටුප වත් ගෙවාගන්න නොහැකිව විදෙස් නියමුවන්ගේ වැටුප් ගෙවන්නේ කෙසේද ?