
(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.
හලාවත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මෙම සේවිකාව මීගමුව මහ රෝහල වෙත ඊයේ(06)සවස ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබේ.
එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට මෙම කොරෝනා වයිරසය වැළදී ඇති බවට සනාථ වුවද , අද(07) දින උදෑසන ද යළිත් ඇය මීගමුව රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර තිබේ.
එම පරීක්ෂණයෙන් ද ඇයට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ .
මේ වනවිට මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත මාරු කර යවා ඇත.
මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේත් පී.සී.ආර්.පරීක්ෂණ සදහා සෙම පටල ලබා ගැනීම සිදු කිරීම ආරම්භ කර තිබේ.
එසේම මෙම සේවිකාවගේ පවුලේ සාමාජිකයන් ද පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කරන ලෙස සහ ඊට අදාළ පියවර ගන්නා ලෙසත් හලාවත ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද දැනුවත් කිරීමට කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි මූලික ප්‍රශ්නය. ගුවන් තොටුපළ ඇරගෙන කට්ටිය ගෙන්වන්නේ නැතුව හිටියා නම් අදටත් මුලුරටම කොරෝනා වලින් නිදහස්...