IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුවන් තොටේ ගැටලු ඉක්මනින් විසඳනවා

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව නාවික සිවිල් ගුවන් සේවා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ගුවන් තොටේ සේවක ගැටලු ගැන සාකච්ඡා කොට කඩිනම් විසඳුම් දෙන බවද අමාත්‍යවරයා කීය.

ගුවන් තොටුපලේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට විසඳුම් ලබාදීමේ අරමුණින් ගුවන් තොටුපොල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට බණ්ඩාරනායක   ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  පවතින ප්‍රධානම ගැටලුව  වන්නේ  ගුවන්තොටුපලට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබා දීමට නොහැකි වීම බව කී අමාත්‍යවරයා ඒ 

සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටළු සමග  2023 වර්ෂයේ අවසන් කළ යුතු ප්‍රධාන ව්‍යාපෘති තවම අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ යැයි කීය.

මෙම අවස්ථාවට  වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය  අමාත්‍ය ජනක රුවන්  කොඩිතුවක්කු මහතා මහතා ද සහභාගී විය.



අදහස් (10)

ගුවන් තොටේ ගැටලු ඉක්මනින් විසඳනවා

රම්බොඩ Sunday, 15 December 2024 09:33 AM

වැඩ කරන අයගෙ ආකල්ප මනෝවිද්‍යාත්මකව ගොඩ නැගුවනම් තියෙන පහසුකම් වලිනුත් උපරිම පයෝජන ගන්න පුලුවන් .මාන්නය ඔළුවට ගත්තම කරන්න පුලුවන් දෙවත් කරන්නේ නෑ.

:       1       25

Ajith Sunday, 15 December 2024 11:30 AM

ඇමතිතුමනි, ගුවන් තොටුපලට පැමිණි පසු තිරුබදු රහිත කඩවල වෙලෙන්ඳන්ගෙන්, බලෙන් ගමන් මලු උදුරාගන්නා සහායකයින්ගෙන් සහ තොටුපලින් පිට වූ විට බලෙන් ගමන් මලු උදුරා වාහනවලට පටවන මැරයින්ගෙන් සහ කුලී රථ මැරයින්ගෙන් බේරීමට මහත් වෙහෙසක් දැරිය යුතුයි...!

:       0       25

nimal karunaratne Sunday, 15 December 2024 12:38 PM

උදේට වැඩට යන මිනිස්සුන්ට සවස වැඩ ඇරිලා ගෙදර එන්න සවස 6.30 පසුව බස් නැහැ. එක් තේරුම් ගනිල්ලා.. අනුර කුමාර වේදිකාවල කයිවාරු ගැහුවේ දිවුරුම් දීපු දිනට පසු සතියක් ඇතුළත බස් ගමනාගමනය හදනවයි කිව්වා. රටක් දියුණු කරන්න පුළුවන්ද? ගමනා ගමනය කඩා වැටී තියෙන විට. ඩිගිටල් කරන්න කතාව... මේ උදේට වැඩට යන මිනිස්සුන්ට සවස වැඩ ඇරිලා ගෙදර එන්න බස් ටිකක් පටන් ගනිල්ලා...

:       12       7

senaSunday, 15 December 2024 04:48 PM

සුමානෙන් බස් ප්‍රශ්නය විසඳනවා කිව්වා... ඉතින් ඔයා ඡන්දය දුන්නා... ඔයා නම් මාර මෝඩයෙක්නේ අනේ...!

:       4       12

de silva Sunday, 15 December 2024 01:12 PM

කරුණාකර ටැක්සි මාෆියා, ත්‍රිවිල් මාෆියා සහ වෙනත් මාෆියා කාරයින්ගෙන් අරක්ෂා වෙලා, දෙස් විදෙස් මගීන්ට ආරක්ෂාකාරීව පොදු ප්‍රවාහන සේවා භාවිත කරලා සාමාන්‍ය මුදලකට ගුවන්තොටුපලට යන්න එන්න කටයුතු සලස්වන්න... හැමෝම කාර් වලින් ගුවන් තොටුපලට යන එනකොට විශාල විදේශ විනිමයක් නාස්ති වෙනවා... නිකරුනේ පැට්‍රල් වලට, ගුවන්තොටුපලේ තද බදයත් වැඩිවෙනවා... අපට හොඳ මාර්ග පද්ධතියක් ගුවන්තොටුපලට තිබුණත්, පොදු ප්‍රවාහනය අවුල් කරලා තිබෙන්නේ හිටපු ආණ්ඩුවල ඇමැතිලාගේ ගෝලයින් සම්බන්ධ මෙම මාෆියා නිසා බව පෙනේ...

:       3       18

Kalpa Sunday, 15 December 2024 03:47 PM

බලෙන් බෑග් ගන්න හදලා ඩොලර් එල්ලන කපුටන් ටික ඉස්සෙල්ලාම අයින් කරලා ඉන්න.

:       1       13

Traveller Sunday, 15 December 2024 11:21 PM

මගී සහය සඳහා යොදවන මෑන් පවර් ආයතනවලින් එන අයගේ පඩිය අඩු බව ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පුදුම විදිහට වැඩිපුර මුදල්, විශේෂයෙන්ම ඩොලර්, ඉල්ලලා මගීන්ට බලපෑම් එල්ල කරනවා. එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවලින් තනිව ගමන් කරන කාන්තාවන්ට තමයි විශේෂයෙන්ම දුක කියා ඩොලර් ඉල්ලීමෙන් අපහසුතාවයන්ට පත්කරන්නේ. මේ ගැන අවධානය යොමුකරන්න කියා ඉල්ලා සිටිනවා...

:       0       0

Niranga Sunday, 15 December 2024 04:30 PM

ඕකෙ වැඩක් කරන අයගේ ෂෝ එක විතරයි. වැඩනම් නෑ...

:       1       10

de silva Monday, 16 December 2024 07:51 AM

ආණ්ඩුව වෙනස් වුන කියල මාෆියාව ගුවන්තොටුපල තුල වෙනස් වෙලා නැහැ , සාමන්‍ය ගාස්තු යටතේ ගුවන් තොටුපල තුලට පොදු ප්‍රවාහන සේවයක් දමන්න බැරි නම් ආණ්ඩුව ෆේල් , ගුවන්තොටුපලට වහනෙකින් ගියහම එතන වාහනෙන් නිවී සැනසිල්ලේ බහින්නවත් බැහැ මහා අවුල් ජාලයක්

:       0       1

මැදපෙරදිගවැසියා Monday, 16 December 2024 10:49 AM

ඔක්කොටම හපන් "විදේශ රැකියා නියුක්ති කර්යයංශයේ" ඉන්න කෂ්ටිය. Bureau charges කියලා අහිංසකයින්ගේ අතේ තියෙන ඔක්කෝම මුදල් හිතූ හැටියට හූරා ගන්නවා, හරිහමන් රිසිට්පතක් දෙන්නෙත් නෑ. ලැබෙන සේවාවකුත් නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site