
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව නාවික සිවිල් ගුවන් සේවා ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ගුවන් තොටේ සේවක ගැටලු ගැන සාකච්ඡා කොට කඩිනම් විසඳුම් දෙන බවද අමාත්‍යවරයා කීය.
ගුවන් තොටුපලේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට විසඳුම් ලබාදීමේ අරමුණින් ගුවන් තොටුපොල පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ප්‍රධානම ගැටලුව වන්නේ ගුවන්තොටුපලට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබා දීමට නොහැකි වීම බව කී අමාත්‍යවරයා ඒ
සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටළු සමග 2023 වර්ෂයේ අවසන් කළ යුතු ප්‍රධාන ව්‍යාපෘති තවම අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ යැයි කීය.
මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනක රුවන් කොඩිතුවක්කු මහතා මහතා ද සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන අයගෙ ආකල්ප මනෝවිද්‍යාත්මකව ගොඩ නැගුවනම් තියෙන පහසුකම් වලිනුත් උපරිම පයෝජන ගන්න පුලුවන් .මාන්නය ඔළුවට ගත්තම කරන්න පුලුවන් දෙවත් කරන්නේ නෑ.
ඇමතිතුමනි, ගුවන් තොටුපලට පැමිණි පසු තිරුබදු රහිත කඩවල වෙලෙන්ඳන්ගෙන්, බලෙන් ගමන් මලු උදුරාගන්නා සහායකයින්ගෙන් සහ තොටුපලින් පිට වූ විට බලෙන් ගමන් මලු උදුරා වාහනවලට පටවන මැරයින්ගෙන් සහ කුලී රථ මැරයින්ගෙන් බේරීමට මහත් වෙහෙසක් දැරිය යුතුයි...!
උදේට වැඩට යන මිනිස්සුන්ට සවස වැඩ ඇරිලා ගෙදර එන්න සවස 6.30 පසුව බස් නැහැ. එක් තේරුම් ගනිල්ලා.. අනුර කුමාර වේදිකාවල කයිවාරු ගැහුවේ දිවුරුම් දීපු දිනට පසු සතියක් ඇතුළත බස් ගමනාගමනය හදනවයි කිව්වා. රටක් දියුණු කරන්න පුළුවන්ද? ගමනා ගමනය කඩා වැටී තියෙන විට. ඩිගිටල් කරන්න කතාව... මේ උදේට වැඩට යන මිනිස්සුන්ට සවස වැඩ ඇරිලා ගෙදර එන්න බස් ටිකක් පටන් ගනිල්ලා...
කරුණාකර ටැක්සි මාෆියා, ත්‍රිවිල් මාෆියා සහ වෙනත් මාෆියා කාරයින්ගෙන් අරක්ෂා වෙලා, දෙස් විදෙස් මගීන්ට ආරක්ෂාකාරීව පොදු ප්‍රවාහන සේවා භාවිත කරලා සාමාන්‍ය මුදලකට ගුවන්තොටුපලට යන්න එන්න කටයුතු සලස්වන්න... හැමෝම කාර් වලින් ගුවන් තොටුපලට යන එනකොට විශාල විදේශ විනිමයක් නාස්ති වෙනවා... නිකරුනේ පැට්‍රල් වලට, ගුවන්තොටුපලේ තද බදයත් වැඩිවෙනවා... අපට හොඳ මාර්ග පද්ධතියක් ගුවන්තොටුපලට තිබුණත්, පොදු ප්‍රවාහනය අවුල් කරලා තිබෙන්නේ හිටපු ආණ්ඩුවල ඇමැතිලාගේ ගෝලයින් සම්බන්ධ මෙම මාෆියා නිසා බව පෙනේ...
බලෙන් බෑග් ගන්න හදලා ඩොලර් එල්ලන කපුටන් ටික ඉස්සෙල්ලාම අයින් කරලා ඉන්න.
ඕකෙ වැඩක් කරන අයගේ ෂෝ එක විතරයි. වැඩනම් නෑ...
ආණ්ඩුව වෙනස් වුන කියල මාෆියාව ගුවන්තොටුපල තුල වෙනස් වෙලා නැහැ , සාමන්‍ය ගාස්තු යටතේ ගුවන් තොටුපල තුලට පොදු ප්‍රවාහන සේවයක් දමන්න බැරි නම් ආණ්ඩුව ෆේල් , ගුවන්තොටුපලට වහනෙකින් ගියහම එතන වාහනෙන් නිවී සැනසිල්ලේ බහින්නවත් බැහැ මහා අවුල් ජාලයක්
ඔක්කොටම හපන් "විදේශ රැකියා නියුක්ති කර්යයංශයේ" ඉන්න කෂ්ටිය. Bureau charges කියලා අහිංසකයින්ගේ අතේ තියෙන ඔක්කෝම මුදල් හිතූ හැටියට හූරා ගන්නවා, හරිහමන් රිසිට්පතක් දෙන්නෙත් නෑ. ලැබෙන සේවාවකුත් නෑ...