(අංජුල මහික වීරරත්න )
මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම් වලට බැර කිරීමේ දී හිතාමතා වැරදි ගිණුම් අංක දුන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හා තාක්ෂණ නිලධාරින් 11 දෙනනු සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දුන් උපදෙස් අනුව මෙම විමර්ශන අරඹා තිබේ.
ආසියා සංවර්ධන බැංකුව විසින් මහ කන්නයේ වී වගා කරන සියලුම ගොවීන් සඳහා සහන සැලසීමට මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 8000ක මුදලක් මෙරටට පිරිනැමූ අතර ඒ යටතේ හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකක් සදහා රුපියල් 20,000ක් වශයෙන් ගොවීන්ගේ ගිණුම්වලටම මුදල් බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.
එසේ බැර කරන ලද රුපියල් මිලියන 1300ක් මුදලක් ගිණුම් අංක වැරදියට ලබා දීම නිසා ගිණුම්ගත නොවී ආපසු ලැබි තිබූ බව අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධව සිදු කළ විමර්ශණවල දී හෙළි වී තිබුනේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එකී නිලධාරීන් විසින් ලබා දුන් ගොවි ගිණුම් අංක නිවැරදි නොමැති බවයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවි ගිණුම් අංක වෙනස් කළ නිලධාරීන් ගැන විමර්ශන
ගොවිරාළ Thursday, 23 February 2023 06:14 PM
ඉතින් ඇමැතිතුමා ගොවීන්ගේ බැංකුවලට මුදල් තැන්පත් කරන්නේ අමාත්‍යාංශය නම් ගොවීන්ට කියන්න 2022/2023 මහ කන්නයේ කුඹුරු වගාව කළ ගොවීන්ට තමන්ගේ ගිණුම් අංක අමාත්‍යාංශයට වට්ස් ඇප් හරහා එවන්න කියලා... ඉන්පස්සෙ කෘපනිසලා විමසා තොරතුරු සනාථ කරගන්න ගෙවීම් පසුවුණා... කියලා පොලියක් එපා අප වෙනුවෙන් විදේශයකින් ලැබුණු මුදල් අපිට එවන්න... ඒවා අපිට යල කන්නයේ වැඩට ගන්න පුළුවන් ඉක්මන් කරන්න...