IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත

(අංජුල මහික වීරරත්න)

ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගාල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් දැනට ජල පාරිභෝගිකයින් 28,000 කට පමණ සේවාව ලබා දෙන අතර, ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම හේතුවෙන් නව සැපයුම් ලබා දීම අත්හිටුවා ඇත. 

නව ජල සැපයුම් ලබා ගැනීම සඳහා අයැදුම්කරුවන් 5,400 ක් පමණ මේ වන විට පොරොත්තු ලේඛනගතව සිටී. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා අලුතින් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් බිලියන 40.5 ක පමණ අරමුදල් සලසා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ රජයට මේ අවස්ථාවේදී හැකියාවක් නොමැති බව රජය කියයි.

එබැවින්, දැනට 45% ක මට්ටමේ පවතින ආදායම් නොලබන ජල පාරිභෝජන මට්ටම 15%ක් දක්වා අඩු කරගෙන, ඒ අනුව ඉතිරි වන ජලය පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ලබා දීමට හැකි වන පරිදි පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ කාර්ය සාධනය පදනම් කර ගත් කොන්ත්‍රාත්තුවක් හරහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යෝජනා කර ඇත. 

යෝජිත නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශක සේවාව සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක ප්‍රදානයක් ලබා දීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත

සාලිය Friday, 21 February 2025 07:22 AM

Service Duct එකක් ඇතුලේ පයිප්ප දැම්මා නම් nrw අඩු කරන්න පුලුවන්. ජපානේ එහෙම අවුරුදු සීයකට ප්ලෑන් කරලා ඕවා හදන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site