(රංජන් කස්තුරි)

ලෝක උරුමයක් සහ සංචාරක පරාදීසයක් වන ගාල්ල කොටුව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් විදුලි කප්පාදුව හේතුවෙන් බලවත් අපහසුවාතයට පත්වන බව වාර්තා වේ.

මිට පෙර ගාල්ල කොටුව ප්‍රාදේශයට විදුලිය කප්පාදුව සිදු නොකළ නමුත් මෑතක සිට දිනකට දෙවරක් බැඟින් පැය කීපයක් විදුලිය කපාහැරීම නිසා සංචාරකයන් ගාලු කොටුවේ  ව්‍යාපාරික ස්ථානවල රැඳී සිටිමට මැලිකමක් දක්වන බව ද ව්‍යාපාරිකයෝ පවසති.

සංචාරකයන් මැණික්, ස්වර්ණාභාරණ ඇඳුම් පැළදුම් හා විවිධ භාණ්ඩ මිලදී ගැනීමට උනන්දුවක් දක්වන අතර එමගින් රටට ඩොලර් සපයගත හැකි බව ද ඔවුහ් කියති.