
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය ලේඛණය වැඩි ඡන්ද දෙකකින් ඊයේ(15) පරාජයට පත්විය.
නගරාධිපති සුනිල් ගමගේ මහතා අයවැය ලේඛණය සභාවට ඉදිරිපත් කළේය.
ජිලිත් නිශාන්ත (එ.ජා.ප) මහතා අයවැය ලේඛණය විවේධනය කරමින් පළමුවෙන්ම කතා කරමින් කියා සිටියේ මෙම අයවැය ලේඛණය පසුගිය වසරේ අයවැය ලේඛණය හා බලනවිට වැඩි වෙනසක් නැති බවය. මෙම අයවැය ලේඛණය හුළං පිරවු බැලුම් බෝලයක් වගෙයි යනුවෙන් ද ඒ මහතා පැවසීය.
ඒ සමඟම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු රතුපාට බැලුම් බෝල පුපුරුවමින් අයවැයට විරෝධය පල කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය පරද්දලා විපක්ෂය කරන්නේ ආණ්ඩුවට සහයෝගයක්. මොකද කොමසාරිස් යටතේ පාලනයට යොමු කලොත් විපක්ෂයේ නියෝජනය නැතිවම ආණ්ඩුවට පාලනය කරන්න පුලුවන් වෙයි...
ෆේල් වෙච්චි මාලිමාවට රංවල සරණයි...
ගාල්ලේ ජනතාව දැනගන්න ඕනේ මේ විපක්ෂ අනාථ වෙච්චි කොටස් මොනවද මේ සේරම හොරු එකතුවෙලා කරන්නේ කියලා.. කොහොමද රටේ ජනතාවගේ දේවල් හොරකම් කරමින් දෙපැත්තට වෙලා හිටපු කාලකන්නි දැන් එක පැත්තක් වෙලා ගහන ගේම් එක... ජනතාව අන්දන්න මේ අයට දැන් බැහැ.. අවශ්‍ය වෙලාවට මිනිස්සු කතිරෙන් නියම දඩුවම් දෙනවා ස්ථිරයි..
බයවෙන්න එපා , වසර දෙකක් යනතුරු සභාපතිට සියලුම බලතල තියෙනවා. ඊට එහා ගියොත් කොමසාරිස් පාලනය වෙලා තියෙන්නේ මාලිමාවට සහාය දුන් විපක්ෂයේ අයට අයවැයට සහාය දුන්නොත් මන්ත්‍රීකම නැති කරන බවට ඔය ප්රජාතන්ත්රවාදය කර තියාගත් අයගේ පක්ෂවල තර්ජනය නිසා අය වැයට විරුද්ධ වීම පාලක මාලිමාවේ කිසිදු වෙනසක් නැහැ, ඕක සමහර අයගේ මෝඩ චූන් එකට හේතුවෙන පුවතක් විතරයි. මාලිමාවේ සංවර්ධන ක්‍රියාවට කිසිම බාධාවක් නැහැ...