ගාල්ල දුම්රිය ස්ථානයේ  ගාල් කර තිබු  භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි දෙකක හදිසි ගින්නක් හට ගෙන  ඇතැයි කියයි.

භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි 04 කට අයත් මැදිරි 2 ක් මෙලෙස ගිනිගෙන තිබේ

මේ වන විට ගින්න නිවීමේ කටයුතු ගිනි නිවීමේ හමුදාව විසින් සිදු කරන අතර ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැත.ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි  කියයි.

 

( ඡායා -එච් බී රම්‍යා )