
(සිරංගිකා ලොකුකරවිට)
බඩු මිල වැඩිවිම, විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැතිවීමට විරෝධය දක්වමින් ඊයේ (23) රාත්‍රී ගාල්ල, වක්වැල්ල මංසන්ධියේ දී ජනතා උද්ඝෝෂණයක් පැවැත්විණි.
ප්‍රදේශවාසීන් රැසක් පන්දම් පත්තුකරගෙන මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ බඩගින්න දැරිය නොහැකි තත්වයකට පත්වෙමින් ඇති බවයි.
එබැවින් රජය වහාම පාලන බලය අතහැර මෙම ආර්ථික අර්බුදයෙන් රට ගලවාගත හැකි රජයක් පත්කළ යුතුයැයි ද උද්ඝෝෂකයෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් මේ සර් මේ තරමින්වත් රට බේරාගෙන ඉන්නවා. රටේ ආර්ථිකය හොඳට තිබුණු කාලේවත් අනික් සර්ලාට රට කර ගන්න බැරි වුණා. අනුර සර් මේ සර්ට බැහැයි කිව්වාට අනුර සර් ඩොලර් හොයන හැටි, රැකියාවල් දෙන හැටි, ආයෝජකයින් ගෙනෙන හැටි කියන්නේ නැහැ. ඒක එයාට කරන්න බැහැ. ජෙප්පන් පන්දම් අල්ලන්න දක්ෂ බව අපි දන්නවා. 2015-2020 කාලේ කලේ පන්දම් ඇල්ලිල්ල තමයි...