(අංජුල මහික වීරරත්න)
ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගෙන ඉදිරි සති කිහිපයේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීම සම්බන්ධව විවිධ පාර්ශ්වයන්හි අදහස් හා යෝජනා ලබා ගැනීමට ද අමාත්‍යවරයා තීරණය කර තිබෙි.
අස්වැන්නක් ලබා ගැනීමට නම් ප්‍රබල වල්පැළැටි නාශකයක් වන ග්ලයිපොසේට් තහනම් කිරීමේ ගැසට්ටුව ඉවත් කළ යුතු බවට කෘෂි විද්වතුන්, ගොවි නියෝජිතයින් , ගොවි සංවිධාන මෙන්ම බීජ හා පැළ නිෂ්පාදකයින්ගේ සමිති හා බඩඉරිගු ආනයනකරුවන්ගේ සංගමයේ අදහස් හා යෝජනා සලකා බලා මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකයම ග්ලයිෆොසෙට් ඉවත් කරගත්තද තාම අපේ රටේ තමයි ඒ ගැන කියවා කියවා කාලය කන්නේ.
තහනම ඉවත් කළත්, රාජ්‍ය කෘෂි උපදේශකවරුන්ගේ දැඩි පාලනයට යටත්කොට නැවත නිකුත් කළොත් තමයි හොඳ... නැතිව පෙර පරිදි ඉවක් බවක් නැතිව කෘෂි රසායන යෙදීමට පටන්ගත්තොත් පෙරට වඩා දරුණු ලෙස මිනිස් ජීවිත වලට බලපායි...
එම අඥානවන්ත යෝජනාවට පක්ෂ අයට ඒ අයගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව කිසිම අවබෝධයක් හෝ උනන්දුවක් හෝ නැතිදැ’යි ගැටලුවකි. එසේත් නැතිනම්, ඔවුන් අනෙකුත් අයට වස විස මුසුවූ බවබෝග අලෙවි කරන අතර, තමාගේ පෞද්ගලික පරිභෝජනයට වසවිසෙන් තොර වගාවන් පවත්වාගෙන යනවාදැ’යි සැකයක් මතුවේ. කෙසේ වෙතත්, ප්‍රමාද වී හෝ සෙසු ජනතාව වස විසවලින් තොර ගෙවතු වගාවට නැඹුරුවීම ඔවුන්ගේ ශරීරවලට ගුණදායක වනු ඇත.
වල් සමග පසත් විනාශ වෙයි. දැන් කුඹුරක ඉපනැල්ලෙ මුකුණුවැන්න ගහක් හරි හැදෙනවා. එපා එකටයි ඕනැ එකටයි පහසුවට දෙකටම මිනිස්සු පොහොර ඉහිනවා. මිදුලෙ වල් මර්දනයටත් සමහරු ගහනවා. කල්පනා කරල කළ යුතු වැඩක්.
තම ක්ෂේත්‍රයට බාහිරව යමින් හිටපු ජනාධිපතිවරයා නොමග යැවූ පාර්ශ්වවලින් උපදෙස්නො ගෙන කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම සුදුසු වනු ඇත. කාබනික ක්‍රමවේදය ඉතා සුදුසු වන මුත් එය එක් රැයකින්, එක් වසරකින් වෙනස් කිරීමට නොයා මහාචාර්ය උදිත ජයසිංහ මහතා පෙන්වා දෙනු ලැබූ අන්දමට වසර දහයකින්වත් පරිවර්තනය විය යුතුය.
කෘෂිකර්මාන්තය විනාශ කරපු ගෝඨාභයටත් එන්න කිව්වා නම් හරි...