ප්රසන්න පත්මසිරි
බිබිල බදුල්ලගම්මන ප්රදේශයේ නිවසකට 26 දින රාත්රි ගල් මුල් වලින් පහරදි නිවෙස් හිමියෙකු ඝාතනය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද (27) දින අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බදුල්ලගම්මන පදිංචි එස්.එම් ජයවර්ධන (65) නැමැති දෙදෙරු පියෙකු පහරකෑමට ලක්ව 26 දින රාත්රි එම
ස්ථානයේදිම මියගොස් තිබෙන බව පොලිසිය කියයි.
සැකකරුවන් ගල් මුල් අතතිව පැමිණ නිවසට පහරදෙමින් සිටින අතරතුර යතුරු පැදියෙන් නිවසට
පැමිණෙමින් සිටි නිවෙස් හිමියාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.
මිය ගිය අය හා සැකකරුවන් අතර තිබු පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුව බවට පොලිසිය සැකකරයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝනක දේසේ රුදු නීතිය හොඳයිදෝ ගල් මුල් ගසා අසරණයන් මරයිදෝ කරුණා දයා හදවතේ ඇති නොවෙයිදෝ ඉදිරි දිනෙක සිරබත අත වනයිදෝ