IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට

(ප්‍රසාද් රුක්මල්)

දිවුලපැලැස්ස මහියංගන ප්‍රධාන මාර්ගයේ හෙබරව ප්‍රදේශයේ දී අද (1) අලුයම රෝගින් පිරිසක් රැගෙන යමින් තිබු ගිලන් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලස්ස පොලිසිය පවසයි .

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු එකහමාරක් සහ දෙකහමාරක් වයස කුඩා දරුවන් දෙදෙනකු සමග ගිලන් රථයේ රිය සහයක සහ හෙද නිළධාරිනියක තුවාල නොලබා බේරී ඇතයි පොලිසිය කීය .

විල්ගමුව ප්‍රාදේශීය රෝහලට අයත් මෙම ගිලන් රථයෙන් රෝගින් පිරිසක් විල්ගමුව රෝහලේ සිට මහියංගන රෝහලට රැගෙන යමින් සිටියදී නාවල තැලිගම ප්‍රදේශයේ සිට රොටලවෙල නෑදෑ ගෙදරක යමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය සදහන් කලේය .

අනතුරින් ගිලන් රථ රියදුරු , හෙද නිළධාරිනියක,රෝගින් හයදෙ‍ෙකු ද ත්‍රිරෝද රථය පදවාගෙන ගිය 62 හැවිරිදි පියකු සමග අවුරුදු 28, 32 වයසේ පසුවන දියණියන් දෙදෙනකු තුවාල ලබා ඇතයි පොලිසිය පැවසීය .

ගිලන් රථයට සහ ත්‍රිරෝද රථය ට අනතුරින් දැඩි ලෙස අලාභහානි වී තිබේ.

 



අදහස් (0)

ගිලන් රථ - ත්‍රී රෝද රථ ගැටී 11ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site