(රොහාන් කුමාර දිසානායක)
ගලිගමුව පාසල අසලදී ත්‍රිරෝද රථයක් හා බසයක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරින් අද (20) දෙදෙනෙකු මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ තැන්නපිටිය පදිංචි 21 හැවිරිදි සම්පත් රාජපක්ෂ සහ 20 හැවිරිදි කුමුදුනී කුමාරි දිසානායක යන අයවලුන්ය.
විදේශ ගතවන ඥාතීයකු ගුවන්තොටුපළට ඇරලවා ආපසු නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
මෘතදේහයන් සම්බන්ධයෙන් කැගල්ල මහ රෝහලේ දී මරණ පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගලිගමුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට
Champa Monday, 20 January 2020 06:02 AM
පොඩ්ඩක් බලපුවාම මේ අනතුරුවල සහ මිනිස්සු මැරෙන විදිහේ පුදුමාකාර විදිහට අසාමාන්‍ය වැඩිවීමක් පේනවා.
කපුරුහාම් Monday, 20 January 2020 10:08 AM
මොන කරුමයක්ද? කොහෙ හරි අනතුරක් ගැන තමයි නිතරම අහන්න ලැබෙන්නේ... තරුණ ජීවිත දෙකක්. හරිම කණගාටුදායකයි...