IMG-LOGO

ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි

(බිමල් ශ්‍යාමන්  ජයසිංහ සහ ගල්කිස්ස දිලංගා  ගෝමස්)

 ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි  තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් අතර ඝාතනයට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද සිටින බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් ඝාතනය සඳහා යොදාගත්තු මන්නා පිහි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්වූයේ රත්මලාන මහින්දාරාම පාරේ පදිංචිව සිටි  කාවින්ද ගයාෂාන් රණවක නොහොත් ටිකිරා නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි . තම පුතු අතුරුදහන් බවට මියගිය පුද්ගලයාගේ මව විසින් ඉකුත් 29 රාත්‍රී ගල්කිස්ස මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබිණි

ඒ අතරතුර ‘මොරටුව පාතාලයේ" නමින් තිබෙන සමාජ මාධ්‍යයේ ද මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධ කර තිබූ බවත් ඒ ඔස්සේ විමර්ශන කටයුතු පොලිසිය මගින් සිදු කරමින් සිටියදී  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට  ලද තොරතුරකට අනුව මළ සිරුර  සොයා ගැනිණි.



අදහස් (0)

ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site