(දිලංගා ගෝමස්)

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඉකුත් 4 වැනි දා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයකු සැකපිට  ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගෙන ඇත .

කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලි ග්‍රෑම් 520 ක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.