(යොහාන් භාසුර)

ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60,000 ක් රැගත් නෞකාවක් මේ මස 24 සහ 25 දෙදින අතර ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලංකා ගල්අඟුරු සමාගම ඇන්වුම් කළ ගල්අඟුරු මෙටි්‍රක්ටොන් ලක්‍ෂ 200 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් තවත් නෞකා තුනක් නොවැම්බර් මස මුල සතියේ ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බවත් ඒ අනුව ගල්අඟුරු බලාගාරවලට ඉදිරියේදී ගැටලුවක් නොමැති බවත් එම නිලධාරියා කීය.