(විමුක්ති එස් රුද්‍රිගු)
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට හේතු වී ඇත.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කණස්සල්ල පළ කළහ.
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කල අතර, බලධාරීන් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ජුලී චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
ගාලු මුවදොරින් ලැබෙන වාර්තා පිළිබඳ බ්‍රිතාන්‍ය දැඩි අවධානයෙන් සිටින බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.
සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ බ්‍රිතාන්‍ය දරණ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලන්ව මරන්න තමයි උත්සහ කරන්නෙ කියල අපි නම් දැනගෙන හිටිය.. රටෙ අනගතයැන හිතන්න මෙයාට අනාගතයක් තියෙන්න එපැයි..
ඔය බොරු . රනිල් මෛ් සෙල්ලම් සේරම දාන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් උදව් ඇතිව .
නුඹලාගේ වැඩක් බලාගන්න.
UN හමුදා එවන්න. දැන් මේක ඉවරයි. ආයෙමත් වුණේ... මහින්දලාගේ රූකඩ පාලනයක්... සල්ලි බලෙන් සහ මැර බලෙන් ආපු එක විතරයි.
සාමකාමී අරගල කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම වැදගත් දෙයක්.ඒත්, ඝෝථා හා මහින්දව අරගල කරුවන් ගෙදර යැව්වා.ඒත්, එන එන හැමෝවම එහෙම යවන්න බැහැ නේද ? රජයේ වැදගත් ස්ථාන බලෙන් අල්ලාගෙන මේ ආකාරයට පදිංචිවී සිටීම සාමකාමී දෙයක් ලෙස සලකන්න පුළුවන් ද ? මහින්ද ඝෝඨා ඉවත්කිරීම හා අරගලයේ කටයුතු සඳහා පසුපසින් සිට මුදල් වියදම් කළේ දෙමළ ඩයස්පෝරාව බව එහි ලංකාවේ නායකයා ප්‍රසිද්ධ නිවේදකයෙකු සමග කළ බැරෑරුම් සාකච්ඡාවක් යූටියුබ් එකේ තියෙනවා.මේ නායකයා පවසන්නේ සත්‍යදැයි අන්තරය,පෙරටුගාමීන් හා ජනතා විමුක්ති පෙරමුණේ අය රටේ ජනතාවට වහාම පැහැදිළි කළ යුතුයි.මේ අය ඒ ගැන නිහඬව සිටින්නේ ඇයිදැයි නොතේරේ.
ගොඩක් දුක ඇති...
ඔහොම කියයිද දන්නේ නැහැ.. ඒ අයගේ තානාපති කාර්යාලවලට පැනලා බින්න බැහැලා හිටියා නම්...!
පුදුම අමාරුවක් තියෙන්නේ... රටේ ප්‍රධාන මන්දිරවලට කරපු අලාභ හානි ගැන මොනවද දන්නේ නැහැ මේ ගොල්ලන්ට කියන්න තියෙන්නේ..?
ජාත්‍යන්තර වශයෙන් මේ ගොල්ලෝ අපකීර්තියට පත්වෙලා හුඟක් කල්.. ගෝඨාගේ පවුල් වාදයෙන් තමයි අද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් හදාගෙන ජනාධිපති වෙලා ඉන්නේ.
ඔවුන් තීරණ ගන්නේ ඔවුන්ට අවශ්‍ය දේ පෙන්වන පාර්ශවවලින් පමණි. ඔවුන්ට තොරතුරු දෙන්නේද රට වලපල්ලට යැවීමට බලාපොරොත්තු වන අය පමණි. එසේම රටේ අධි ආරක්ෂිත කලාප හා මර්මස්ථානවලට මහජනතාවට අත්තනෝමතික ලෙස ඇතුළුවන්නන්ට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ව අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම කණ්ඩායම් වලට ඒ ඒ රටවල මර්මස්ථාන වලට ඇතුළු වීම සඳහා අවස්ථාවන් ලබාදෙන ලෙස ඒ රටවල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු...
එහෙනම් මේ සෙට් එක වීසා දීලා එහාට ගන්න ඕනෑ...
බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයට යන්න හදන පළමු "ඉන්දියන්" ජාතිකයා ගැන ඔය දෙන්නම යමක් කිව්වා නම්..!!
සද්ද නැතිව හිටිය බයියෝ ටික එලියට බැහැලා වගේ. බයියන්ගේ අමාරුව දැන් හොඳ ඇති. දැන් රනිල් හුරේ කියාපල්ලා. කවිද හිතුවේ රාජපක්ෂ ලාට රනිල්ට කතිරේ ගහන්න වෙයි කියලා. අරගලයේ අරමුණ ගෝඨාභය එලවා දැමීමයි.
ණෙන්ඩෙටි ර්අනිල්ග බට්ලන්ඩ් වඩ්ක්තෙ අව. රනිල්ට් ච්න්යද දුන් හම් අකකුට්ම් හන 7 ක් ඝන්ව් . ඇය ස්පා ඡන්ඩ උන්ට් ණැණෑ.
මේ මොන ගොබ්බ රැලක්ද?. අරගල කරුවන් රටේ කරපු ගිනිතැබීම්, මංකොල්ල කෑම් ජනතාවට කරපු හිංසන ඒවා ගැන එතෙර උන්දැලාට දැඩි අවධානයක් නැද්ද? ඒවා ගැන රජයට දැඩි අවධානයක් තිබෙන නිසාත් ජනතාවගේ එදිනෙදා කටයුතු පහසු කිරීම් සඳහා තමයි ඔය එලවා දැමීම සිදුකළේ. එලවන විට නොගිය නිසයි පහර දීම සිදුවුනේ. කැරලි මර්ධන ඒකකයට උපදෙස් දුන්නේ කැරලිකරුවන් එළවා දමන්න. අවනත නොවන කැරැලි කරුවන් එළවා දැමීමේ උපක්‍රම කැරලි මර්දන ඒකකයට අයත්. ඒ නිසා ඔහෙලා ඕනේ මගුලක් එතෙර කරගන්න.