
(ඩී.ජී.සුගතපාල)
කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හදිසි පරික්ෂාවකට ලක් කළේය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු ද තවත් පුද්ගලයෝ හතර දෙනෙක්ද සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
අයිස් සමග අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වැලිවත්ත සහ අහංගම මිදිගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ දෙදෙනකි.
බූස්සෙන් දුම්රියට ගොඩ වු පොලිස් නිලධාරින් සියලුම දුම්රිය මැදිරි පරික්ෂා කර මෙම හය දෙනා අත් අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත් අඩංගුවට ගෙන ඇති හතරදෙනාගෙන් එක් අයකු කුරුණෑගල සිට ගාල්ල දක්වා පැමිණෙමින් සිට ඇත. 36 හැවිරිදි ඔහුට දිවයිනේ අධිකරණ රැසක නඩු තිබෙන බවටත් අධිකරණ කිහිපයකික් වරෙන්තු නිකුත්කර ඇති අයකු බවටත් කිසිම අවශ්‍යතාවයක් නැතිව ඔහු ගාල්ල දක්වා පැමිණ ඇති බවටත් අනාවරණයවි තිබේ
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රුපසිංහ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චින්තක පනාවල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පෙලිස් නිලධාරින් හතළිහක පමණ කණ්ඩායමක් පොලිස් නිල සුනඛයාද සම්බන්ධකරගෙන මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කරණ ලදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd