IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාලු කුමාරියේ ගැටී අනු නවයෙන් දිවි බේරෙති

( සුමිත් පොතුපිටිය) 

මරදාන බලා ගමන් කළ ගාලුකුමාරී සීඝ්‍රගාමී දුම්රියේ අද (27) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ගැටී කාන්තාවන් දෙදෙනකු සුළු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

වාද්දුව තල්පිටිය රත්නායක පාර ආසන්නයේ ඇති  අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන 8.45 පමණ අනතුර සිදුව ඇත.

ගාලුපාර දෙස සිට මුහුදු බඩ දෙසට ත්‍රීරෝද රථය ගමන් කර ඇති අතර ආරක්ෂක බැරියර් නොමැති බැවින් හරස් මාර්ග‍ය ඔස්සේ ගමන් කිරීමේදී ත්‍රීරෝද රථයේ එන්ජිම නතරවී ඇතැයි සදහන් වේ.

ත්‍රීරෝද රථ රියදුරු බැස කාන්තාවන් දෙදෙනාව  රථයෙන් ඉවතට ගෙන  ඇති අතර, ඒ අතරතුර දුම්රිය ත්‍රීරෝද රථයේ ගැටී තිබේ.

කතුන් දෙදෙනා සමෘද්ධි සහනාධාර ලබාගැනීම සදහා තල්පිට්ය සමෘද්ධි බැංකුව වෙත යමින් සිට ඇතැයි සදහන් වේ.



අදහස් (3)

ගාලු කුමාරියේ ගැටී අනු නවයෙන් දිවි බේරෙති

පැරකුම් Monday, 27 March 2023 02:51 PM

දේශපාලුවන්ගේ ශුඛ විහරනයට වඩා ප්‍රමුඛත්වය දිය යුත්තේ මේවාට නොවේද?

:       0       0

citizen Monday, 27 March 2023 03:22 PM

ත්‍රීවීල් මෑන් පුරුද්දට දාන්න ඇති අනිත් වාහන වගේ කෝච්චියත් නවත්තගනියි කියලා හිතලා.

:       0       3

Bunny Preena Monday, 27 March 2023 03:45 PM

හැමදාම නොවරදාම අපි කියවන පුවතක් තමයි හදිසි අනතුරු සම්බන්ධව කියවන පුවත්. නමුත් මෙවැනි පුවත් කියවීමෙන් ජනතාව දැනුවත් වෙලා පරිස්සම් වෙයි කිලයා හිතුවත් සිද්ධ වෙන්නේ අනුතුරු වැඩි වෙන එකයි. අපි වැඩි දෙනෙක් ඔලුව පාවිච්චි කරලා කල්පනාවෙන් වැඩ කරන්නට තව පුරුදු වෙලා නැති පාටයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site