(යොහාන් භාසුර)
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.
මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ ඔවුන්ට ගෙවන්න තියෙනවද?
අර සාම්පූර් බලාගාරය හැදුවේ නැහැ කියලා අඬපු අයගෙන් අහන්නේ? ඒක වැඩ කරන්නේ ඇල් වතුරෙන්ද? මෙච්චර දැක්මක් නැති පාලකයින්? බුලත්විට කඩයකටවත් සුදුසු නැහැ...
අපිනම් මාස්පතා විදුලි බිල ගෙවනවා. ඇරියස් නැහැ.