(කාංචන කුමාර ආරියදාස)
ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආසිරිගම මුල්කරගෙන ආරම්භ කෙරිණි.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පවුල් 300ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ පොදු යටිතල පහසුකම් නොමැති වීම නිසා ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ මෙම ගම සංවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ගම්මානයේ පැවති ප්‍රධාන ප්‍රශ්න සහ ගැටලු ප්‍රදේශවාසිහු ඉදිරිපත් කරන්නට වූහ. එහිදී වැව් තුනක් පිළිසකර කිරීම ,මාර්ග පිළිසකර කිරීම ,අලුත් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම පාසලේ ගොඩනැගිලි ඉදිකිරීම මෙන්ම නිවාස 56ක් අලුතින් ඉදි කිරීම , වැසිකිළි නොමැති පවුල් 101ක් සඳහා වැසිකිළි ඉදිකිරීම ආදී සියලු යටිතල පහසුකම් ගම්මානයට ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
වැව් පිළිසකර කිරීම සහ මාර්ග පිළිසකර කිරීම යුදහමුදාවට බාරදුන් අතර මෙම ගම්මානයේ වැසිකිළි පහසුකම් ඉදිකිරීම් ලබාදීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට බාරදීම සිදු කෙරිණි.
ප්‍රජා ශාලා ඉදි කිරීම සඳහා සඳහා මූල්‍ය චෙක්පත් ලබාදීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
මෙහිදී හොරිවිල පාරම්පරික වෛද්‍ය ශාන්ත සෙනෙවිරත්න මහතා රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිවරයා හරහා ආසිරිගම පුරාණ විහාරස්ථානයට පූජා කිරීමද සිදුකෙරිණි.



2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම ශක්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ආසිරිගමදී