
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පදිංචි සහතිකයක් ලබා නොදීමට කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලස් මුදලක් ලබාගත් ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත හිරැස්ස ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මහනුවර හන්තාන පාර පදිංචිකාරියක් ඇය පදිංචි නිවසේ ඇයගේ කැමැත්තෙන් තොරව නිවසෙන් කාමර දෙකකට ඇයගේ පුතාගේ නමට විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීමේදී විදුලි බල මණ්ඩලයට ග්‍රාම නිලධාරී විසින් ලබාදිය යුතු පදිංචි සහතිකය ලබා නොදී සිටීමට සැකකාර ග්‍රාම නිලධාරීවරයා විසින් අදාළ මුදල ඉල්ලා එකී මුදල ඔහුගේ කාර්යාලය තුළදී ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් ගන්න ඕනෙම කෙනෙකුට රැකියාව විශ්‍රාම වැටුප ඒ මොහොතේ දීම අහෝසි නොකළෙත් මෙම ක්‍රියාව නවත්වන්නට නොහැකිය
මේ අදහස එක දන්නේ මමත් මේ හිරැස්ස වසමේ පදිංචි නිසා. වැඩි කලක් නෑ ඔහු මෙහෙ සේවයට මාරු වෙලා ඇවිත්. මොහු ඡන්ද නාමලේකන්ය වැඩ වලට ගෙයින් ගෙට ආවා. සැම ගෙදරකින්ම බියර් එකක් බොන්න, විල් එකේ යන්න කියලා කියක් හරි ඉල්ලුවා. බලෙන් තේ ඉල්ලනවා. තේ දෙන්ඩ හදපුවම සැර බිමක් නැද්ද අහනවා. ඉස්සර කාලේ නම් මේ වගේ අපතයෝ ඉන්ට ඇති. මේ වගේ කලෙක මෙහෙම උන් රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා හිතන්ටත් අමාරුයි . මිනිස්සුන්ට මු එපා වෙලා හිටියේ. අන්තිමට මිනිස්සු එකතු වෙලා ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම්ට පැමිණිලක් දැම්මා. උන් පොඩි show එකක් දාලා මුව බේරුවා. මුන් ඔක්කොම යාලුවෝ මල්ලී!