(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
උපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල් වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
බස්නාහිර පළාතේ පාසල් වල විශාල වශයෙන් ගුරු හිඟයක් පවතින බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි රැකිය විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් අද (9) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
ගුරු විභාගයක් පවත්වා බස්නාහිර පළාතට ගුරුවරුන් බඳවා ගත්තත් විෂයානුබද්ධව බඳවා ගැනීම් සිදුකෙරෙන විට සමහරුන් අත්හැරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහම නම්, ආයෝජකයෝ රටට එවින් ආයෝජන කරන්න නැත්තේ කප්පම් ඉල්ලන්න නිසා කියල එහමත් කියන්න පුළුවන්.
මෙයා ඒ ගොල්ලන්ගේ බත් ගොට්ටක් ඉස්කෝල වලට පුරවලා ඡන්ද මංකොල්ල කාලා බංකොලොත් වෙලා තියෙන රට නැත්තටම නැතිකර දමන්න පට්ට පල් බොරුව කියනවා! අද ඉස්කෝලවල උසස් පෙළ පන්ති වල ගුරුවරුන්ට කරන්න වැඩක් නෑ!! උසස් පෙළ ළමයි කිසිවෙක් පාසල් යන්නේ නැහැ!!! බොරු පංච කෙල කෙල කම්මැලි බත් ගොට්ටන්ට නිකන් පඩි කන්න අවස්ථා හදලා සාමාන්‍ය මිනිසුන්ට බර පටවලා රටත් නැති කරන කාලකන්නි හැම දේශපාලන පක්ෂකම පිරිලා රටේ අනාගතය කාබාසිනියා කරනවා!!!
තමුන් ගේ මහ එකා ඉන්දලා,පවුලේ උන් ඔක්කොම දේසපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු උන් ඒ ගැන මොකද කියන්නේ?
උසාවි ගියානම් ඇමතිවරයා හැටියට ගුරුවරු බදවා ගැනීමේ අවශ්‍යතාව නීතිපතිවරයා හරහා පෙන්වා දීලා කටයුතු කරන්න පුළුවන් නේද රැකියා අපේක්ෂකලා වෙනුවෙන් ඔවුන්ගේ හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා පැහැදිලි කරන්න බැරිද පෙත්සම් කරුවන්ට රැකියා තියෙද්දි අසරණව සිටින රැකියා අපේක්ෂකයින් සදහා සහන සැලසීමට රජයට අවශ්‍ය නොවන බවක් තමයි පේන්නෙ අපිට පේන්නෙ ඇමතිගේ අකාර්යක්ෂමතාවය පමණයි