
(විමුක්ති එස් රුද්‍රිගු සහ නිමන්ති රණසිංහ)
"ගුරු මාරු මණ්ඩලය" විසුරුවා හරින ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව සිදුකරන විරෝධතා ව්‍යාපාරයේ විරෝධතාකරුවන්ට, මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (22)නියෝගයක් නිකුත් කළේය.
කොටුව පොලිසිය සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාීසිය සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
විරෝධතාකරුවන්ට මහජන පීඩාවක් සිදු නොවන ආකාරයෙන් උද්ඝෝෂයේ නිරත විය හැකි බවත්, එසේ නොමැතිව කලහකාරී ලෙස, අනීතිකව හැසිරුනහොත් පොලිස් බලතල සහ දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති අනුව ක්‍රියා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
කොටුව දුම්රිය ස්ථානයේ සිට සී. ටී. ඕ. හන්දිය දක්වා ඕල්කට් මාවත, සී. ටී. ඕ. හන්දියේ සිට සෙරමික් හංදිය, එන්. එස්.ඒ. වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ග, යෝර්ක් වීදිය, බැංකු මාවත , බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමෝදර වට වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වාත් වන සියලු මාර්ග අවහිර නොවන ලෙසට ක්‍රියා කරන්නැයිද අධිකරණය මෙම නියෝගයෙන් වැඩිදුරටත් විරෝධතාකරුවන්ට නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටන කවරකුට එරෙහිව කවරකට එදිරිව සිදු වුවද ඒවාට මුහුණදීමට සිදුවන්නේ ආරක්ෂක අංශවලටය. එයිනුත් පොලිසිය ඉදිරියෙන්ය. විරෝධතාකරුවන්ගේ දහසක් බලපෑම් තර්ජන හා අවලාද හා උපහාස මැද රාජකාරි කටයුතු කිරීමට පොලිසියට සිදුවේ. ඇතැම්විට අරගලකරුවන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ගොදුරුවීමටද පොලිස් නිලධාරීන්ට සිදුවේ. එය එසේ වුවද වෘත්තීය ගරුත්වය රැකගනිමින් සංයමයෙන් හා උපේක්ෂාවෙන් යුතුව රාජකාරියේ නියැළීමට පොලිසියට සිදුවේ.
මර්ධනය විතරයි පුළුවන්