( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය  විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට  ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .

රෝහල් ගතවූ තිදෙනාගෙන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබා මඳ වේලාවකදී පිටවී ගිය අතර අනෙක් අය ඇස් රෝහල කරා යොමු වූ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.