
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වන ගුරුවරුන්ගේ මාරු වීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා උගන්වන ගුරුවරුන් හදිසියේ මාරු කිරීමෙන් සිසුන්ට අගතියක් වන බව ගුරුවරුන්ගේ ද අදහස වී ඇතැයි ප්‍රේමජයන්ත මහතා කීය.
සෙසු ගුරු මාරු සම්බන්ධයෙන් අප්‍රේල් 17 නිවාඩුවෙන් පසු තීරණයක් ලැබෙනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
ගුරු මාරු සම්බන්ධයෙන් රජය අත්තනෝමතික හෝ අනීතික ක්‍රියාවලියක් සිදු කර නැතැයිද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර විතරක් නෙවෙයි. පහුගිය වතාවන් වලදීත් වෘත්තිය සමිතිවලට අවශ්‍ය අය අවශ්‍ය තැන්වලට දා ගත්තා. වෘත්තිය සමිතිවලට අවශය අය ජාතික පාසල්වලට දාල ඒවයේ වැඩ කඩාකප්පල් කලා ඉතා හොඳින්. පාසල් විනාශ කලේ ඔය වෘත්තිය සමිතිකාරයො. ඒ නිසා මාරු මණ්ඩල වලින් ඕකුනව ඉවත් කරන්න. ලකුණු ක්‍රමයක් පදනම් කරගෙන සාධාරණ විදියට මාරුවීම් ක්‍රියාත්මක කරන්න. විවෘත භාවයක් තිබිය යුතුයි.
පිනා සුසිල් කඩුවෙලට එපා