(දයාසීලි ලියනගේ)

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ආනයනික කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 59,175ක් වී ඇත.

රටේ වාර්ෂික දේශීය කිරි නිෂ්පාදනය මුළු කිරි අවශ්‍යතාවයට වඩා බෙහෙවින් අඩු වී ඇති බැවින් එම හිඟය පියවා ගැනීමට යොදය සහිත කිරිපිටි ආනයනය කිරීමට සිදු වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට ගවයන් සංඛ්‍යාව මිලියන 1.1ක් ද, මීහරක් සංඛ්‍යාව මිලියන 0.3 ක් වී ඇත.

මීට අමතරව කුකුළු ගොවිපල ආශ්‍රිතව නිෂ්පාදනයන් සඳහා තිරිඟු මෙට්‍රික් ටොන් 120000 බඩ ඉරිඟු වලට ආදේශකයක් ලෙස ගිය වසරේදී ගෙන්වා ඇත.