IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ගිය වසරේ 76973ක් මහඋළුගෙදර ගාටලා

(ඉන්දිකා රාමනායක)

2021 වසර තුළ අධිකරණ මගින් බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයන්ගේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත්, එම පිරිස 76973 දෙනකු බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

බන්ධනාගාර ගත කළ මෙම පිරිසෙන් 62426 දෙනකු සැකකරුවන් බවත්, 14547 දෙනෙකු සිරකරුවන් බවට සංඛ්‍යා ලේඛන වල සඳහන් වන බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකානායක මහතා පැවසීය.

බන්ධනාගාර ගත මෙම පිරිසෙක් අවුරුදු 16 අඩු පිරිස 87 දෙනකු, 16-22 අතර 5983 දෙනකු, 22-30 අතර 18377 දෙනකු, 30-40 අතර 26134 දෙනකු, 40 -50 අතර 16541 දෙනකු, 50-60 අතර 7268 දෙනකු, 60-70 අතර 2147 දෙකු, 70 ට වැඩි 436 දෙකු, සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම පිරිසෙන් 1 වසර සිට 8 වසර දක්වා අධ්‍යාපනය ලැබුවන් 51891 දෙනකු සිටින බවත්, අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස 17616 ද, උසස් පෙළ සමත් 5395 දෙනකු, උපාධීධාරීන් 349 දෙනකු සිටින බව චන්දන ඒකනායක මහතා පවසයි.

 



අදහස් (4)

ගිය වසරේ 76973ක් මහඋළුගෙදර ගාටලා

ravin Wednesday, 07 December 2022 10:31 AM

ඒ අර කාලකන්නි 225 න් එකෙක්වත් දවසක් හෝ මහ උළු ගෙදර හිටියද?

:       0       2

බෝගම්බර Wednesday, 07 December 2022 12:15 PM

මේ අයගෙන් රටට වැඩක්‌ ගන්න පුළුවන්. සුදුසුකම් අනුව. පුනරුත්තාපනය කරන අතරතුර කරන්න පුළුවන්. බරපතල වැරදි නැති පිරිස් යොදවල.

:       0       1

විපරමා Wednesday, 07 December 2022 05:43 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන් ,දූෂිත දේසපාලුවෝ උන් තමා නියම හොරු.. පින් ජනපතියා ගේ පිහිටෙන් වැජඹෙනවා .හරිනම් සදහටම හිරේ ඉන්ඩ ඔනේ රටට විනකරපු එකාලා?

:       0       1

sharm warn Thursday, 08 December 2022 11:49 AM

ඔව් ඉතින්.. පූල් එකේ නාපු එකාවයි ගස්ලබු බෑව කාපු එකාවයි කුදලගෙන ගිහින් ගාල් කරපුවම ඔහොම වෙන්නෙ නැතුව වෙන මොනව වෙන්නද? හොරු එලියෙ.. අසාධාරණයට විරුද්ධව පාරට බැහැපු දුප්පත් මිනිස්සු ඇතුලෙ. . .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site