
(සුරංග රාජනායක)
ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින් ගම්පොළ බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට දෙන්නට සූදානම් වූ සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය.
රැස්වීමට පැමිණ සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර කළේය.
ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ බව දැනගන්නට ඇත.
මෙම හමුවට ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිටියහ.
මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබුණි.
එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය අතර රාත්‍රී නමය පමණ වන විට ආරාධිත කථිකයන් පැමිණ එම රැස්වීම පවත්වාගෙන යන ලදී.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.