
( තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි අවශ්‍ය කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අමතර ගිලන් රථ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අනුයුක්තකර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.
මේ යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 30ක්, පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 15 ක්, සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ගිලන්රථ 20 ක් වශයෙන් ගිලන් රථ 65 ක් ලබාදී ඇති බවත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10 දෙනෙකු අනුයුක්ත කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
මෙලෙස අමතර ගිලන්රථ සංඛ්‍යාවක් ලැබීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අනුයුක්ත කිරීම මෙම කටයුතු සඳහා විශාල පහසුවක් වන බවද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ GMOA ත්‍රිත්වය.., සුවසැරිය.. දැන් සැපද?
දැන් PHIලාට මීඩියා එකෙනුත් එකා ගානේ දෙන්න. මොකද මොවුන්ට නිරෝධායනය කරන්න යනකොට මීඩියා ගාය හැදෙනවනේ. ඕකහින්දා තමයි ඔය කන්ටැක්ට් පුද්ගලයින්ව හොයාගන්න බැරිව ඉන්නේ...
ආරක්ෂක අංශ වැඩේ කරනවා. අනෙක් අය මාධ්‍ය සංදර්ශන පවත්වනවා. කොට අදින්නේ කවුරුවත්, පෙරහැරේ යන්නේ තව කවුරුවත්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු..