
(අංජුල මහික වීරරත්න)
ගම්පහ ග්‍රාමසේවා වසම් 440 ක ලක්ෂ හයක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබන 25 වැනි දා ලබාදෙන බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
බස්නාගොඩ ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අත්තනගල්ල, පස්යාල දක්වා නව ජල සබඳතා ලබා දීමට නියමිතය. එහි දෙවන අදියර යටතේ නිට්ටඹුව, මිනුවන්ගොඩ සහ ගම්පහ අවට ප්‍රදේශ රැසක් ආවරණය කිරීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
නව ජල සබඳතා ලබා දීමේදී ජනතාවට පහසු වන ආකාරයට වාරික 12 කින් මුදල් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකසන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විදේශ ණයක් අරන් කරපු ව්‍යපෘතියක් වෙන්න ඇති. ඇමටියා කියලා තියෙන්නේ උගෙ ගෙදරින් සල්ලි ගෙනත් හදපු ගානට. ණය දුන්නේ කවුද, කොච්චරක්ද කියලා නෑ. මුන් මුලු රටම රවට්ටනවා. ඊලග චන්දෙට වැඩ. මිස් යූස් ඔෆ් පබ්ලික් ෆන්ඩ්ස්....