
( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති අතර මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නඩු විභාගයක් සදහා පැමිණි පස් පොඩ්ඩා නමැත්තා සහ ඔහු සමග පැමිණි පිරිසකට , වාහනයකින් පැමිණ ඇති යමෙකු හෝ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා මේ වන විට ගම්පහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd