(සුජිත් හේවාජුලිගේ )
ජගත් කුමාර මන්ත්‍රීවරයා ගැන තමා බෙහෙවින් කණගාටු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය.
කටුස්සන්ට රත්රන් බැන්දම අං එන බවත්තමා ඔහු දකින්නේ එලෙස අං ආපු කෙනකු ලෙස බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු සහ තමා අතර මේ දක්වා කිසිදු ගැටුමක් නොතිබූ නමුත් තමා සම්බන්ධයෙන් ඔහුට මෑතක සිට
යම් ගැටලුවක් ඇති බව පෙනී යන්නේ යැයි කී ලොකුගේ මහතා පොලිස් නිලධාරියකු මාරු කරන්නැයි ඉල්ලා සිටියේ කවුදැයි ලිපිගොනු සමග කතා කරන්නැයි ජගත් කුමාරට දැනුම් දෙන බවද පැවසුවේය.
එසේම තමා 1983 වර්ෂයේ සිට සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයකු බව ජගත් කුමාර මහතාට දැනුම් දීමට කැමති යැයි ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.
ලොකුගේ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා
සිය දේශපාලන කටයුතුවලට ගාමිණි ලොකුගේ මහතා බාධා කරන බවට කරන ලද චෝදනාවට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම කා කොටාගෙන නැතිවෙලා යනව නම් රටට ලොකුම සේවයක්. ඔය කුමාරයා නේද වේල් දෙකක් කන්න කතා කරපු කෙනා.
අප නොදන්න දේශපාලකයන්ගෙ කෙරුවාව.
අපිටනම් මෙයාලා දෙන්නම එකයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු නේ.
මේවා ඔක්කෝම නාට්‍ය . මිනිස්සුන්ගෙ ප්‍රශ්න අමතක කරන්න දවසකට සැරයක් ඔය වගේ මොනවා හරි නාටකයක් කරනවා කට්ටිය සෙට් වෙලා. අපිට එදිනෙදා තියන ප්‍රශ්න ඔක්කෝම අමතක වෙනවා එතකොට.
ඔක්කොම එකයි බලාගෙන ගියාම.
මජර දේශපාලුවන් සියල්ලන්ම හොරුන්ය. හිතන් ඉන්නේ මේ අයගේ හෙලුව ජනතාව නොදන්නවා කියාය.
දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද?
අන්න ඇහුනද1983 ඉඳල මැතිවරණ සේරම දිනුව කියනව, 1983 වෙන්න බැහැ 1977 වෙන්න ඕන.
යූ.එන්.පී එකෙන් ආව තක්කඩි හොරු තමා අද ඉහලින්ම වැජඹෙන්නේ
ඔය කටුස්සන් හදුනාගැනීමට නිර්නායක සාදා පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ජනතා මුදල් ඉතිරි නොකරන්නේ ඇයි. පොදු ජනයාට තියන නීති රීති මොවුන්ට ක්‍රියාත්මක නැති නිසා නාට්‍යය පෙන්වනවා කියලයි හිතෙන්නේ