( +++ රංජන් කස්තුරි)
අය - වැය ලේඛනයක් සම්මත වනතෙක් මහා පරිමාණ ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නොකරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ‘ලංකාදීප’යට පැවසීය.
එහෙත් දැනට පවත්වාගෙන යන මහා පරිමාණ ව්‍යාපෘති හා රජයේ අනෙකුත් ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කෙරෙන බව ද ලේකම්වරයා කීය
මීට අමතරව නව රජය ආරම්භකර තිබෙන ‘සපිරි ගමක්’ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි දෙක බැගින් මුදල් ලබා දී තිබෙන බව ද ආටිගල මහතා පැවසීය
අය - වැය ලේඛනය සම්මත වූ පසුව අලුත් මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගම් හදන්නද පාප්ප හදන්නද ඊලග ඡන්දෙට ....!
අනේ ඔව්. මන්ත්‍රීලා තමයි හරියටම දන්නේ තමන්ට ලැබෙන කෝටි දෙකට මොකක්ද කරන්න ඕන කියල. ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ප්‍රාදේශීය සභාවලට, පලා බබාලට, අර අධිකාරියට මේ අධිකාරියට ආදී වශයෙන් ගම මට්ටමින් සංවර්ධනය සඳහා වෙන් කරන මුදල් ටිකත් මේ ගොයියලටම දුන්න නම් ලේසියි. ආණ්ඩුවට කියන්න පුළුවන් 'ඔන්න අපි ගමේ සංවර්ධනය කේන්ද්‍රගත කළා' කියල. මං එහෙම කිව්වට කොන්ත්‍රාත්කාරයින්ට සලකන්නත් ක්‍රමයක් එපාය.
ජනාධිපතිතුමනි... !! මෙරට සියලු ජන කොටස් වල පැතුම ඉටු නොවෙන හැඩයි. මෙරට සියලු දෙනාම බලාපොරොත්තු වූයේ මහජන මුදල් නිසි ක්‍රමවේදයකට විනිවිද භාවයෙන් යුතුව ආයෝජනය කිරීම මිස යම් යම් පුද්ගලයින්ට හිතු මනාපේ මහජන මුදල් භාවිතා කිරීමට ඉඩ දීම නොවේ. මෙම මුදල් භාවිතාකිරීම කුමන ව්‍යාපෘති සඳහාද? පල ප්‍රයෝජනය ලබාගන්නා ගණන කොපමණද? ව්‍යාපෘති නිසි පරිසර ඇගයීම්වලට ලක් කළාද? වැනි ප්‍රශ්න ඔබතුමාට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් අයත් නගන පොදු ප්‍රශ්න වේ... මෙහිදී ඉතිහාසයේ දේශපාලුවන් විසින් කරනලද යම් යම් ව්‍යපෘති පිළිබඳව සැලකිල්ලට ගතයුතුයි. සමහර පාලුවන් කැලේ තියන වටිනා ගස් ටික කපාගන්න පාරවල් කපා බාගෙට හදපු ව්‍යාපෘති එහෙම තිබුණු බව ඔබතුමා හොඳින් දන්නවා ඇතැයි සිතමි. ඔය ගසාකෑම් වලට ගෙවන්නේ මේ රටේ ඉන්නා දුගියාගේ සිට ඉහළම ධනවතා දක්වා සියලු දෙනාම බව නැවත මතක් කරදීම වැදගත් යයි සිතමි. බොරු සංවර්ධනයන්ගෙන් රට අගාධයට මිස ඉදිරියට යෑමක් සිදු නොවේ.
කොල්ලන්ට රජ මගුල්... මොන ගම්හැදිල්ලක්ද? ඔන්න අවසානයට සල්ලිවලට වෙනදේ...
පොඩ්ඩක් අමතක වුණා. අප දන්නා (ආරංචි) තරමින් බැඳුම්කර සිද්ධියේදී මීට සමාන ක්‍රියාවක් වක්රාකාර ලෙස සිදුවී ඇත. එය අතළොස්සක් අතර පමණි. මෙහිදී මේ කියන ගණන්මිමි සැලකීම වැටි එක්කෙනෙකුට කෝටි 2 ගන්නේ 225?
ජනාධිපතිතුමනි, මන්ත්‍රීවරුන්ට මුදල්දීම සම්පූර්ණයෙන්ම ඔබතුමාගේ දර්ශනය අනුව වැරදියි. රුපියල් කෝටි 450/= ම වතුරේ. මේ මාස කිහිපයේ ලොකු වැඩ නොකළාට කමක් නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය ඔබ දිනනවා. 2/3 ගන්නට වෙනත් ක්‍රමයක් සැලසුම් කරන්න. සල්ලි දෙන්න එපා.
මහා මැතිවරණයට ආණ්ඩුවෙන් අත්තිකාල දීමනා අහෝ මහජන බදු මුදල්
මහා මැතිවරණයට ආණ්ඩුවෙන් අත්තිකාල දීමනා ...!!!
අහෝ මහජන බදු මුදල් ....!!!