IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගමේ මන්ත්‍රීවරු රොත්තකටම මැතිසබය එපාවෙලා

(සුජිත් හේවාජුලිගේ )

ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්  සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක්  අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වේ.

එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ  වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ තමාට අම්පාරේ සිට කොළඹට පැමිණ යෑමට  වරකට රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවයි

උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට කොළඹට පැමිණ යෑමට රුපියල් අසූ දහසක් පමණ වරකට  වැය වන බව කියති.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ දීමනාවෙන්ද   රුපියල් අසූ දහස,  ලක්ෂය බැගින්  බදු කපා ගෙන ඇතැයි  වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ගෙන් බදු අය කරන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දීමනා සියල්ල එකතු කර ඊට සමානුපාතිකව  බවත්  මෙය ඉතා අසාධාරණ තීරණයක් බවත්
විමලවීර දිසානායක මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර ඇත.



අදහස් (6)

ගමේ මන්ත්‍රීවරු රොත්තකටම මැතිසබය එපාවෙලා

sena Saturday, 11 February 2023 01:42 PM

මෙයාලාට බස්වල සහ කෝච්චිවල නොමිලේ යාමට සීසන් එකක් දෙන්න ඕනේ... රටේ අනිත් මිනිස්සු බදු ගෙවනවා නම් මන්ත්‍රීලා බදු නොගෙවා කොහොමද?

:       0       48

සචිනි Saturday, 11 February 2023 08:47 PM

දෙන්න ඕනෑ නොවෙයි, ඔවුන්ට නිදහස් ගමන් පහසුකම් තියෙනවා. නමුත් නොදන්නාකමටත් ඉස්සරහට හා පස්සට වාහන ඇතුව කෝච්චියේ යන්න බැහැ. මිනිසුන්ට පේන්නෙත් නැහැ. ලොකුකම පෙන්නන්න බැරිනිසා කෝච්චියේ යන්නෙත් නැහැ. ඒ අතර තවත් එකක් තියෙනවා... හැමදාම දුම්රිය වර්ජනයක් තියෙන නිසා බයකුත් ඇති කියලා හිතෙනවා...

:       0       23

Nihal Saturday, 11 February 2023 02:16 PM

ජනතාවගෙන් බදු අයකරන කොට හොඳයි. මන්ත්‍රීවරුන්ගෙන් අයකරන කොට තමයි බදුවල තරම තේරෙන්නේ... පුද්ගලික අංශයේ අයගේ බදු අයකිරීමට වැටුපට අමතරව ඒ අයට ලබාදී ඇති වාහනය, රියදුරු, ඉන්ධනද, මෙඩිකල්, නිවාස, අතිකාල දීමනා ද ඇතුළත්කර බදුඅයකිරීම මොන තරම් අසාධාරණද? ආදායම වැඩිකර ගැනීමට බදු අයකළ යුතුයි. එය සාධාරණ විය යුතුයි...

:       0       22

Rasika Saturday, 11 February 2023 03:14 PM

පොදු ප්‍රවාහන සේවා කියලා දෙයකුත් තියෙනවා. රටේ අනිත් මිනිස්සු යන්නේ එහෙම...

:       0       14

Deraniyagala Saturday, 11 February 2023 03:25 PM

නුඹලා ගෙනාපු බදු පනතනේ. මහජනතාවට හොඳ නම් නුඹලාටත් ඒක හොඳ වෙන්න ඕනෑ. ඊයේ පෙරේදා සංශෝධනය කරගත්තෙත් ඔය ටිකනේ...

:       0       15

ravin Saturday, 11 February 2023 04:39 PM

හපොයි, හපොයි, වියදම් අධිකයි කියලා තේරුම් ගත්තු එකම මදිද? නැතිනම් ඒක ඡන්ද ගුණ්ඩුවක්ද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site